අද (12) වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.
- චන්ද්‍රිකා කාටවත් නෑ
2024 ජනාධිපතිවරණය සඳහා තරඟ කරන කිසිදු අපේක්ෂකයකුට සහයෝගය නොදීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය
අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් සමග ඊයේ(11) පැවැති විශේෂ සාකච්ඡාවකදී කීවාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකාව මෙන්ම තවමත් පක්ෂයේ අනුශාසකවරියක වන තමා ඇතැම් පිරිස් පක්ෂයට සිදුකරන හානිය පිළිබඳ දැඩි කලකිරීමකින් පසුවන බව ද සඳහන් කර තිබෙයි.
- මහින්ද දේශප්‍රිය තරුණයින් සමග කොටුවට
පළාත් පාලන ආයත ඡන්ද විමසීමේදී තරුණයන්ට ලබාදෙන කෝටාව පළාත් සභා හා මහ මැතිවරණවලදී ද ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අදට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ තරුණියන් පිරිසක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ඡන්දය ලබාදීමට තරුණ තරුණියන්ට ඡන්ද පොළට යන ලෙස දැනුම්දෙමින් ඔහු උනන්දුව ඇති කර තිබේ.
- සජිත් වතුජනතාව සමග ගිවිසුමක
වතු ජනතාව සවිබල ගැන්වීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්තියක් අත්සන් කරනු ලැබීය. මෙම ප්රඥප්තිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පලනි දිගම්බරම් මහතා සහ එම්. උදයකුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තබන තැබූහ.
- සජබේ පිරිසක් 16 දා රනිල්ට එනවලු
එළඹෙන 16 වෙනදා සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවලින් පිරිසක් පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනාධිපති අධක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් පවසයි.
දැනටමත් සමගි ජන බලවේගය සමග කටයුතු නොකරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් පමණ දැනටමත් ස්වාධීන ලෙස කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
නාම යෝජනා භාරදීමෙන් පසුව ජනාධිපතිවරයාට සහාය පල කරන නව සන්ධානය බිහිකරන බවද ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
- ලේකම්වරු මැකො හමුවේ
පිළිගත් දේශපාලන පක්ෂ දෙකක නියෝජිතයින් අද (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. ඒ, එම පක්ෂ වල ලේකම් ධූරවල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. එක්සත් ලංකා මහ සභා පක්ෂය සහ ලංකා ජනතා පක්ෂය යන පක්ෂවල නියෝජිතයින් අද කොමිසම හමුවට කැඳවා ඇති බව මැතිවරණ
- මං දැනුවත්කිරීම් කරනවා - පාඨලී
ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කර රටේ පවත්නා ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) දින පිළියන්දල ජනහමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම සෘජුව හෝ වක්‍රව රට බංකොලොත්භාවයට පත් කිරීම වෙනුවෙන් වගකිවයුතු ජනතාව නොමඟ යවපු අපේක්ෂකයෝ ඉන්නවනම් ඒ කිසි අපේක්ෂකයෙකුට ජනතා ඡන්දය පාවිච්චි නොකරන ලෙස දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් බවට මේ ජනාධිපතිවරණය පත්කරගන්නා බවද හෙතෙම සඳහන් කරන ලදී.
- අනුර නැකතට නම අත්සන් කරයි
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (12) පෙරවරුවේ සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දීයී.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන්ද එක්ව සිටියහ.
- මන්ත්‍රී ධූර 2 ක් හිස් බව දන්වයි
පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට දින නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත්තේ
- අපි ගැන අපි කිව්වා කැමති අය සෙට් වෙන්න - සුමන්තිරන්
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වවුනියාව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පවසා සිටියේය..
"මේක අපි අද හැම ජනාධිපති අපෙක්ෂකයෙකුටද දැනුම් දෙනවා.ඊට පස්සේ අපි ඒ අයගේ පිළිතුරු මොනාද කියල බලන් ඉන්නවා. ඒ වගේම අපි දැන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තුන් දෙනත් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. අපේ ස්ථාවරයට කව්රු හරි එකඟ වෙනවනම් ඒ කෙනාට අපි සහය දෙන ක්‍රියාවලියට සලකා බලන්න සූදානම්."
- පැෆරල් වාර්තාව
ඡන්දය ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් මහජන නියෝජිතයින් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසයි. ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.
ඉන් වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වන බව ඔහු පැවසුවේ ය.
මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 44 ක් ලැබී ඇති බව ප්රජාතන්ත්රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ ය.
ජනාධිපතිවරණයට අදාළව පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9 කි.
ඉන් පැමිණිලි 4ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ය.
ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 5 කි.
මේ අතර, මැතිවරණයට අදාළ පැමිණිලි 320 ක් වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඉන් පැමිණිලි 103ක් වාර්තා වී ඇත්තේ, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි.
සෙසු පැමිණිලි 214, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.
- මැකො වාර්තාව
ගත වූ පැය 24ක කාලය තුළ සිය කොමිෂන් සභාවට මැතිවරණ පැමිණිලි 17ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද(12දා) නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
එමෙන්ම 2024.07.31 වැනිදා සිට 2024.08.11 වැනිදා දක්වා සමස්ථ පැමිණිලි 337ක් ලැබී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
0 Comments