election-nomination-day-plan

ලබන 15 වන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ නාමයෝජනා දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂාව සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500කට අධික පිරිසක් යොදවා ඇතැයි වාර්තාවේ.





සිකුරාදා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සහභාගි වූහ..

රත්නායක මහතා පැවසුවේ අපේක්ෂකයින්, ඔවුන් සමඟ එන අය සහ පක්ෂ ආධාරකරුවන් කෙරෙහි ආරක්ෂක සැලසුම් අවධානය යොමු කරන බවයි. ගොඩනැගිල්ලේ සහ ආසන්න ප්‍රදේශයේ ආරක්ෂාව භාරව සිටින්නේ STF ය.


පෙරවරු 9 සිට 11 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර
11 සිට 11.30 දක්වා විනාඩි 30 ක විරෝධතා කාලයක් සහිතය.මේ වන විට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති නමුත් බදාදා වනවිට ඇප මුදල් භාර ගැනීම හේතුවෙන් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. රත්නායක මහතා පැවසුවේ අපේක්ෂකයා සමඟ නාමයෝජනා ශාලාවට ඇතුළු විය හැක්කේ  එක් නීතිඥවරයෙකු ඇතුළු දෙදෙනෙකුට පමණක් බවයි.