election-postal-service

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාරිතමේන්තුවේ මූලික වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ රාජ්‍ය ආයතනවලින් ලැඛෙන ප්‍රමුඛතා ලේඛලය සහිත ලිපි භාර ගැනීම මේ වනවිට සිදුවන බවත් නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පැවැසීය.




විශේෂයෙන් ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්දදායකයන් වෙත ගෙයින් ගෙට බෙදා හැරීම සඳහා 8000 ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවන බව ද රණසිංහ මහතා සඳහන් කළේය.මෙයට අමතරව රාජ්‍ය ආයතන වලින් ලැබෙන තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු තේරීම් භාර නිලධාරීන් වෙත භාරදීම සම්බන්ධව සියලු පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන්, දිස්ත්‍රික් ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් හා සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පති රණසිංහ මහතා පැවැසීය.මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් මිලියන 950 ක පමණ මුදලක් වෙන් කර තිබේ.
මහින්ද නිශ්ශංක