මැතිවරණ කාර්යාල සකස් කිරීමේදී සහ රැස්වීම්වලදී ජාතික කොඩිය, ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය. ජනාධිපතිවරණයට අදාළව දේශපාලන පක්ෂවලට සහ පොලිසිය සඳහා නිකුත් කරන ලද චක්රලේඛනවල මේ පිළිබඳ දැනුවත් කිරීම කර ඇති බව රත්නායක මහතා කීවේය.
සියලු දේශපාලන පක්ෂ මේ පිළිබඳව කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඒ අනුව ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය, ආගමික සංකේත භාවිතයට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රවිශාන් ප්රනාන්දු
0 Comments