eleric-lional-fernando-no-more

ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා ඊයේ (11) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත විය.මිය යන විට 82 වැනි වියේ පසු වූ ප්‍රනාන්දු මහතා දරුවන් සිවු දෙනකුගේ ආදරණීය පියෙකි. මිය යෑමට සතියකට පෙර ඔහුගේ අවසන්  චිත්‍රපට අධ්‍යක්ෂණය වන සඳ තාරකා චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වූ අතර, එහිදී ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි.





ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා 1978 දී අනුපමා' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට එක්වූ අතර, පසුව හොඳම නළුවා', කිරි සුවඳ', ක්‍රිස්තු චරිතය ' යන චිත්‍රපට නිෂ්පාදනය කළේය. පසුව 1987 දී රන්දම්වැල්' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණයට එක්වූ ඔහු, මැවිලා පෙනේවි රූපේ', දලුලන ගිනි', සෙනෙහස පෑවා', ආදර පූජාසනේ' යන චිත්‍රපට ද නිෂ්පාදනය කර, අධ්‍යක්ෂණය කළේය.


වෛද්‍ය නිශාන්ති ප්‍රනාන්දු, කළුතර මහාධිකරණ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු, නීතිඥ අශාන් ප්‍රනාන්දු හා ව්‍යාපාරික විනෝද් ප්‍රනාන්දු යන දරුවන්ගේ ආදරණීය පියාණන් වූ ඇලරික් මහතාගේ දේහය අද (12) පෙරවරුවේ සිට අංක 7, මොරාවත්ත පාර, නාගොඩ, කඳාන පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අනිද්දා (14) පස්වරු 2.00ට කඳාන, නාගොඩ රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.


- සමන්ත යහම්පත්