era-miracle-ibbagamuwa

නීති විරෝධී තහ­නම් පිර­මී­ඩා­කාර ගනු­දෙ­නු­ව­ලින් රුපි­යල් මිලි­යන 800කට අධික මුද­ලක් වංචා කළැයි කියන කුරු­ණෑ­ගල ඉබ්බා­ග­මුව ප්‍රදේ­ශයේ 'එරා මිර­කල්’ පෞද්ග­ලික සමා­ග­මට අයත් ‘ජෙනි­සීස් ව්‍යාපා­රික පාසල' විකි­ණීම, පැව­රීම, අන්සතු කිරීම වළ­කා­ල­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ඉඩම් රෙජි­ස්ට්‍රා­ර්ව­රි­යට ඊයේ (01) නියෝ­ග­යක් නිකුත් කළේය.‍



මෙම පෞද්ග­ලික පාසල රුපි­යල් ලක්ෂ 170ක් පමණ වටි­නා­ක­ම­කින් යුක්ත දේපො­ළක් වන අතර, මෙහි සැක­ක­රු­වන් එම දේපොළ විකි­ණී­මට හෝ අන්සතු කිරීම සිදු කළ හොත් එය නඩු­වට අග­ති­යක් විය හැකි බැවින් එය වළ­ක්වා­ලන ලෙසට නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි රහස් පොලි­සිය කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය මෙම නියෝග නිකුත් කළේය.



එම අධ්‍යා­පන ආය­ත­නයේ හිමි­කරු වූ කුරු­ණෑ­ගල ඉබ්බා­ග­මුවේ පදිංචි රණ­සිංහ ආර­ච්චි­ලාගේ ධම්මික කුමාර රණ­සිංහ යන අයගේ විදෙස් ගමන් තහ­නම් කර­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් මින් ඉහ­තදී නියෝ­ග­යක් නිකුත් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු හා රක්ෂණ නිරා­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුව විසිනි.

පාසලේ හිමි­කරු ආචාර්ය උපා­ධි­යක් සහිත පුද්ග­ල­යකු වශ­යෙන් පෙනී සිටි­මින් කට­යුතු කර දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල තැන්ප­ත්ක­රු­ව­න්ගෙන් රුපි­යල් මිලි­යන 786,846,316.00ක මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි. මාර්ග­ගත අධ්‍යා­පන පැකේජ සප­යන පාස­ලක් ලෙස ප්‍රව­ර්ධ­නය කර­මින් යූඑ­ස්ඩීටි 50 පැකේ­ජ­යක් සඳහා මෙම පාසල පැකේජ දෙකක් හෝ තුනක් සප­යන බව කිය­මින් මෙම පාසලේ හිමි­කරු කට­යුතු කර ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත.
(නිමන්ති රණ­සිංහ)