දිසා විනිසුරුවරයකු ලෙස පෙනී සිටිමින් ගන්දර පොලිස් බල ප්‍රදේශයේ දෙල්ගල්ල ප්‍රදේශයේ නිවෙසක නතර වී පුද්ගලයන් විදේශගත කරන බවට පවසා මුදල් වංචාවක නිරත වෙමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. පෙරේදා (19දා) සවස 1ත්-2ත් අතර කාලය තුළ 119 හදිසි ඇමැතුම් අංකයට ලද පැමිණිල්ලක් අනුව ගන්දර පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණවර්ධන මහතා විසින්ම පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම්ව තිබිණි. එම අවස්ථාවේ තවත් ජංගම දුරකථනයක් මඟින් පුද්ගලයකු ඇමැතුමක් ලබා දෙමින් තමා බදුල්ල දිසා විනිසුරුවරයා බවත් මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමසීමට පැමිණි අවස්ථාවේ දෙල්ගල්ල ප්‍රදේශයේ නිවෙසක කිසියම් පිරිසක් විසින් තමා රඳවාගෙන සිටින බවත් ඔවුන් තමාට කරදර කරන බවත් පැමිණ බේරා ගන්නා ලෙසත් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණවර්ධන මහතා ගන්දර පොලිසියේ පොලිස් ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් කණ්ඩායමට ඇමැතුමක් ලබාදෙමින් අදාළ සිද්ධිය පවසා වහා එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස දන්වා ඇත. ගන්දර පොලිසියේ ජංගම පොලිස් රථයේ සිටි උප පොලිස් පරීක්ෂක නිහාල්, පොලිස් සැරයන් කරුණාරත්න (41754) සහ පොලිස් කොස්තාපල් (රියදුරු) ගුණතිලක (13219) යන නිලධාරීන් අදාළ නිවෙසට ගොස් පරීක්ෂාකොට බලා දිසා විනිසුරුවරයා බවට පෙනී සිටි පුද්ගලයා පිළිබඳ ඇති වූ සැකය මත ඒ පිළිබඳව ගන්දර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධන මහතාට දැනුම් දී ඔහුගේ උපදෙස් මත දෙපාර්ශ්වයම ගන්දර පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ දිසා විනිසුරුවරයා බවට පෙනී සිටි පුද්ගලයා පිළිබඳ සැකය තවදුරටත් වැඩි බැවින් උසාවි සැරයන්වරයා ලෙස කටයුතු කරන රාජපක්ෂ (13578) මහතා විසින් නීති පොතේ කරුණු කිහිපයක් පිළිබඳ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බියට පත්ව වෙවුලන්නට පටන්ගෙන ඇත.
පසුව ඔහු නීතිඥවරයකු ලෙස ලබාගත් හැ¾දුනුම්පතක් පෙන්වා තිබේ.
පොලිස් සැරයන් රාජපක්ෂ විසින් මාතර නීතිඥ සංගමයට මේ පිළිබඳ දන්වා අදාළ හැ¾දුනුම්පත පිළිබඳ සොයා බැලීමක් සිදුකර ඇති අතර ඒ අනුව අනාවරණය වී ඇත්තේ නීතිඥ සංගමය හෝ නීතිඥ සංගමයකට අදාළ වෙනත් ආයතනයකින් නිකුත් නොකරන ලද ව්‍යාජ හැ¾දුනුම්පතක් බවයි. නීතිඥ සංගමයේ නිලධාරීන් විසින් සැකකරු සමඟ දුරකථනයෙන් කතාබහ කොට පොලිසියට දැනුම්දී ඇත්තේ ඔහු ව්‍යාජ දිසා විනිසුරුවරයකු හා ව්‍යාජ නීතිඥයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු බවයි.
එම තොරතුරු අනුව ගන්දර පොලිසිය විසින් සිදුකර ඇති වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මීට වසර විස්සකට පෙර බොරැල්ල ප්‍රදේශයේ ස්ථානයකින් මෙම ව්‍යාජ හැ¾දුනුම්පත සකස් කර ගත් බවත් හෝමාගම, බදුල්ල හා කුලියාපිටිය ප්‍රදේශවල නිල නොවන අයුරින් නීතිඥයකු ලෙස පෙනී සිටිමින් ජනතාවට නීති උපදෙස් ලබාදීම සිදුකර ඇති බවයි.
වැඩිදුරටත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වංචා ලෙස පුද්ගලයන්ගෙන් ලබාගත් බවත් එය කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ උසාවිය අසලදී අදාළ ගනුදෙනු සිදුවූ බවත් අනාවරණය කරගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ සැකකරු විසින් පුද්ගලයන් විදේශගත කරන බවට පොරොන්දු දී රුපියල් ලක්ෂ විස්ස බැගින් පුද්ගලයන් දෙදෙනකුගෙන් සහ රුපියල් ලක්ෂ දහතුන හමාරක් සහ රුපියල් ලක්ෂ දහතුනක් ලෙස තවත් පුද්ගලයන් දෙදෙනකුගෙන් මුදල් වංචා කර ඇති බවට පැමිණිලි හතරක් ගන්දර පොලිසිය වෙත ලැබී ඇති බවයි.
වැඩිදුරටත් සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුණු පොත මඟින් අදාළ පුද්ගලයා දෙල්ගල්ල ප්‍රදේශයේ නිවැසියන් විසින් හදුනාගෙන සබඳතා පවත්වමින් දින ගණනක සිට එම නිවෙසේ රැඳී සිට ඇති බවයි. එමෙන්ම දිසා විනිසුරු හැදුනුම්පත පෙන්වා VIP ආසනයක් වෙන්කරවාගෙන දෙවිනුවර ඇසළ පෙරහර නරඹා ඇති බවත්, පසුව පොලිස් නිලධාරින් සමඟ ගැටබරු දේවාලයට ගොස් පොලිස් නිලධාරීන් මඟින් මල් වට්ටි ගෙන්වාගෙන පූජාවන්ද සිදුකර ඇති බවයි.
සැකකරු ඒ ආකාරයෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේද සිය හැඳුනුම්පත භාවිත කොට ප්‍රභූවරයකු ලෙස පෙනී සිටිමින් වන්දනාමාන කිරීමද සිදුකර ඇති බවත් ඔහු ගමන් ගන්නා මෝටර් රථයේ නීතිඥ සංගමයේ හා විනිසුරුවකු ලෙස සිටින බව දැක්වෙන ලාංඡන අලවා ඇති බැවින් ඔහු යන එන සෑම අවස්ථාවකදීම මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් ආචාර, සමාචාර කර ඇති බවද වාර්තා වී ඇත.
ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී නීතිපොත් කිහිපයක්ද සොයාගත් බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කෙසෙල්වත්ත පොලිසියට භාරදීමට නියමිත අතර ව්‍යාජ නීතිඥ හැ¾දුනුම්පතක් භාවිත කරමින් දිසා විනිසුරුවරයකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් ගන්දර පොලිසිය මඟින් සැකකරු ඊයේ (20දා) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මාතර ජේයෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ගන්දර පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගන්දර – නිලූකා හේරත්
0 Comments