godakawela-incident

හතළිස්හය හැවිරිදි අනියම් බිරියට පෙට්‍රල් දමා ගිනි තැබීමට තැත් කළේ යැයි කියන සිද්ධියකට පනස්පස් හැවිරිදි අනියම් පුරුෂයා ඊයේ (31) අත්අඩංගුවට ගත් බව ගොඩකවෙල පොලිසිය පැවසීය.

මොවුන් දෙදෙනා අතර කලක සිට අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබී ඇති අතර ඒ සම්බන්ධව ඇති වූ ආරවුල් හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයක දී දෙපාර්ශ්වයේ පිරිස පොලිසියට පැමිණිලි දමා තිබි ඇති අතර

එහි දී මොවුන් දෙදෙනාට අවවාද කර පිටත් කර යවා ඇති බව ද පොලිසිය පැවසීය.


මෑතක සිට අනියම් බිරිය මෙම සබඳතාව නතර කිරීමට උත්සාහ කරන බවට සැකකර සිද්ධිය සිදු වූ දින ඊයේ පෙරවරුවේ අනියම් බිරිය පමණක් නිවසේ සිටිය දී පැට්‍රල් පුරවාගත් බෝතලයක් සහ ලයිටරයක් ද රැගෙන කාන්තාවගේ නිවසට පැමිණ ඇති සැකකරු ඇගේ ඇඟට පෙට්‍රල් දමා ලයිටරයෙන් ගිනි තැබීමට තැත් කර ඇතැයි පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත. මෙහි දී දෙදෙනා අතර පොර බැඳීමක් සිදුවී ඇති අතර කාන්තාව විසින් සැකකරුව තල්ලු කර දමා පිටතට ඇසෙන සේ කෑකෝ ගසා අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා ඇත. ඒ අනුව නිවසට පැමිණි අසල්වාසීන් විසින් කාන්තාව බේරාගෙන ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ ස

ැකකරු ද අල්ලා ගොඩකවෙල පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත.රෝහල් ගත කර ඇති කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අද (01) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළේය.
ඩබ්.ඒ. සිරිසේන