harin-manusha-replacement

 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද SJB යෙන් නෙරපා හැරීමෙන් පසු මන්ත්‍රී ධූර අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වෙනුවට මේ මොහොතේ නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය (SJB) තීරණය කර තිබේ.


සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ධුර පිරවීමට 9 වනදා රැස්වූ පක්ෂ විධායක මණ්ඩලය තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රේෂඨාධිකරණ ලබාදුන් තින්දුව අනුව මන්ත්‍රිධුරය අහිමිවු කම්කරු හා විදේශිය රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වන මන්ත්‍රිධුරය සඳහා සමගිජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊලගට සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ පත්වීමට නියමිතව ඇති අතර හරින් ප්‍රනාන්දුගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ වෙනත් අයෙකුගේ නම් සලකා බලමින් තිබේ.