haseena-bangladesh
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශවලදී සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ලකා විනාශ කර දමා ඇත.





අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවෙසට විරෝධතා කරුවන් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත් වී ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවෙසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය පෙරේදා (06) සොයා ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.


එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවෙසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත්, එම නිවෙසේ තිබී පිළිස්සී ගිය මළ සිරුරු 6 ක් සොයාගෙන ඇති බවත්, විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මූලස්ථානයට පෙරේදා (06) ගිනි තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භ වී ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ විය. අවසානයේ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය ඉල්ලා සිටි පරිදි මහාචාර්ය මුහම්මද් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් රජයක් පිහිටුවීමට පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග බංග්ලාදේශයේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(විමුක්ති එස්. රුද්‍රිගු)