hathurusinghe-bangladesh-issue

බංග්ලා­දේශ නව ක්‍රිකට් සභා­පති ෆාරුක් අහ­මඩ් මහතා විසින් තම ජාතික කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා නොබෝ දින­කින්ම තන­තු­රෙන් ඉව­ත්ක­රන බව ප්‍රසි­ද්ධි­යේම ප්‍රකාශ කර තිබේ.

චන්දික හතු­රු­සිං­හගේ පුහු­ණු­කරු භූමි­කාව දැඩි ලෙස විවේ­ච­නය කළ බංග්ලා­දේශ ක්‍රිකට් සභා­ප­ති­ව­රයා පව­සන්නේ බංග්ලා­දේශ පිල අතී­තයේ ලැබූ සාර්ථ­ක­ත්වය සාමු­හි­ක­ත්වය මත ගොඩ­නැ­ගුණු එකක් බවත්, හතු­රු­සිංහ මැජි­ක්කා­ර­යෙකු නොවන බවත්ය.

බංග්ලා­දේ­ශයේ ඇතිවූ අර­ග­ල­කාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභා­පති නස්මුල් හසන් මහතා ඉල්ලා අස්වූ අතර,

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධා­නියා ලෙස කට­යුතු කළ ෆාරුක් අහ­මඩ් මහතා මෙයට සති­ය­කට පමණ පෙර බංග්ලා­දේශ ක්‍රිකට් සභා­ප­ති­ව­රයා ලෙස පත්වීම ලබා ගත්තේය.

නව සභා­ප­ති­ව­රයා සිය පළමු මාධ්‍ය හමු­වේදී අව­ධා­ර­ණය කළේ චන්දික හතු­රු­සිංහ තව­දු­ර­ටත් බංග්ලා­දේ­ශයේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු නොකළ යුතු බවයි. චන්දික හතු­රු­සිංහ හා බංග්ලා­දේශ ක්‍රිකට් ආය­ත­නය අතර ඇති ගිවි­සුම අනුව ඔහු 2025 චැම්පි­යන් කුස­ලාන තර­ගා­ව­ලිය දක්වා කට­යුතු කළ යුතු වුවද, සභා­ප­ති­ව­ර­යාගේ අද­හස අනුව

ඔහු ඉදිරි දින කිහි­ප­යේදී තන­තු­රෙන් ඉවත් විය යුතු බවය.

වසර 2017දී හතු­රු­සිංහ බංග්ලා­දේශ ක්‍රිකට් පිල අමා­රුවේ දමා හදි­සි­යේම පිටත්ව ගොස් ශ්‍රී ලංකා කණ්ඩා­යමේ පුහු­ණු­කරු වූ බව ක්‍රිකට් සභා­ප­ති­ව­රයා සිහි­පත් කළේය.

“ඔහු ආපසු ගෙන එන්න කට­යුතු කළ බංග්ලා­දේ­ශයේ ක්‍රිකට් ආය­තන නිල­ධා­රීන් හිතුවේ ඔහු මැජි­ක්කා­ර­යෙක් කියලා. ක්‍රිකට් කියන්නේ මැජික් වැඩක් නොවෙයි. බංග්ලා­දේශ ක්‍රිකට් යම් සාර්ථ­ක­ත්ව­ය­කට පත්වූවා නම් එතැන ක්‍රීඩ­ක­යින්, පුහු­ණු­ක­රු­වන්, තේරීම් කමි­ටුව හා පාලක මණ්ඩ­ලය සිටියා. ඒ නිසා මේක සාමු­හික ක්‍රියා­ව­ලි­යක්. හතු­රු­සිංහ බංග්ලා­දේශ ක්‍රිකට් පුහු­ණු­කරු ලෙස සිටී­මට කිසිම හේතු­වක් නෑ. ඔහු නෙර­පී­මෙන් යම් මුද­ලක් අහිමි වෙනවා. නමුත් ඔහු පැමි­ණී­මෙන් එයට වඩා හානි­යක් වුණා“ බංග්ලා­දේශ ක්‍රිකට් සභා­ප­ති­ව­රයා පැවැ­සීය. 2016දී හතු­රු­සිංහ බංග්ලා­දේශ ක්‍රිකට් පුහු­ණු­කරු බවට පත්වී­මෙන් අන­තු­රුව ඇතිවූ අර්බු­ද­යක් මත තේරීම් මණ්ඩ­ලයේ එවක සභා­පති වූ ෆාරුක් අහ­මඩ් එම තේරීම් කමිටු ධුර­යෙන් ඉල්ලා අස්විය.
(ප්‍රින්ස් ගුණ­සේ­කර)