හෝමා­ගම, ගොඩ­ගම ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක වන පාසල් ගුරු­ව­රි­යක සිය නි‍වසේ කාම­ර­යක ගෙල වැල­ලා­ගෙන සිටි­යදී බර­ප­තළ තත්ත්ව­යෙන් රෝහල්ගත කිරී­මෙන් පසු ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය ගොස් ඇතැයි මීගොඩ පොලි­සිය පව­සයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමා­ගම, ගොඩ­ගම පදිං­චි­කා­රි­යක වන හෙන­රත් ආර­ච්චි­ලාගේ බුද්ධිකා රංගනී යස­රත්න නමැති 32 හැවි­රිදි එක්දරු මවක වන පාසල් ගුරු­ව­රි­යකි.



මිය­ගිය ගුරු­ව­රිය සිද්ධිය වූ දින සැමියා සමඟ තම දරුවා පාස­ලට පිටත් කර නි‍ෙවසේ සිටි­යදී මෙලෙස ගෙල වැල­ලා­ගෙන ඇති බවත් ව්‍යාපා­රි­ක­යකු වන ඇගේ පියා හදි­සි­ය­කට නි‍ෙව­සට පැමිණි අව­ස්ථා­වේදී ඇය ගෙල වැල­ලා­ගෙන සිටිනු දැක ඒ අව­ස්ථා­වේ­දීම රෝහල්ගත කර ඇතැයි ද පොලි­සිය පව­සයි.

අදාළ මර­ණය සම්බ­න්ධ­යෙන් වූ හදිසි මරණ පරී­ක්ෂ­ණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක සාම විනි­සුරු පාරින්ද කොටු­ගොඩ මහතා විසින් සිදු කළ අතර එහිදී ලද සාක්ෂි මත මෙලෙස සිය­දිවි නසා ගැනී­මට නිශ්චිත තොර­තු­රක් අනා­ව­ර­ණය වී නැති බැවින් සම්පූර්ණ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට කට­යුතු කර ඇත.



පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී විශේ­ෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.පී. මහේෂ් ලෝව් මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව ශරීර කොටස් රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවා වාර්තා­වක් කැඳ­වී­මට අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා කට­යුතු කර ඇත.

ඒ අනුව සියලු කාරණා සලකා බලා මේ හදිසි මර­ණය සම්බ­න්ධ­යෙන් විවෘත තීන්දු­වක් ලබා­දී­මට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක සාම විනි­සුරු පාරින්ද කොටු­ගොඩ මහතා නියෝග කර ඇත. මීගොඩ පොලි­සියේ පොලිස් කොස්තා­පල් ලක්මාල් මහතා පරී­ක්ෂණ කට­යුතු මෙහෙ­ය­වීය.
(මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි)