horana-incident

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය හොරණ පොලීසිය සඳහන් කරයි. හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත සහ හොරණ කනන්විල, කහටපිටිය පදිංචි 40, 44 හැවිරිදි දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

හොරණ, මීවනපලාන සිරිල්ටන් වත්ත හාන්දු පැල්ල පොළ කොටස, අක්කර 12 පදිංචිව සිටි යූ.ප්‍රදීපිකා කුමාර උක්වත්ත 36 නමැත්තියක මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ඝාතනයට යොදා ගත් තියුණු ආයුධයද ඒ ආසන්නයේ තිබී සොයා ගෙන ඇත. ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් පුද්ගලයාගේ බිරිඳ මීට වසර පහකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයෙකු සමග පළා ගොස් තිබූ අතර එයට උදව් උපකාර කර ඇති මෙම කාන්තාව බවට ඇති වූ සැකයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. හොරණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ