italy-billioners-accident

 ඉතා­ලියේ සිසිලි දූපත ආස­න්නයේ මධ්‍ය­ධ­රණී මුහුදේ යාත්‍රා කර­මින් තිබූ ‘බයේ­සි­යන්‘ සුඛෝ­ප­භෝගී සංචා­රක යාත්‍රාව අන­තු­රට ලක්වී­මෙන් පසු අතු­රු­දන්වූ බ්‍රිතාන්‍ය ජාතික කෝටි­පති ව්‍යාපා­රි­කයා ඇතුළු පුද්ග­ල­යන් 6දෙනාගේ ඉර­ණම තීන්දු කරන අව­සන් පැය කිහි­පය උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යාත්‍රාව අන­තු­රට ලක්වන විට ඔවුන් සිය කැබින් කාම­ර­වල සිටි බවට වාර්තා වී ඇති අතර,

එම කැබින් කාමර බාහිර බල­පෑ­ම්ව­ලින් ආර­ක්ෂා­කාරී හා වාතය පිරුණු සීල් තැබූ ආකා­රයේ කාමර බැවින් අතු­රු­දන්වූ පුද්ග­ල­යන්ගේ ජීවිත පිළි­බඳ බලා­පො­රොත්තු තබා ගත හැකි බවත් සමුද්‍ර අන­තුරු සම්බන්ධ විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කර තිබේ. එම කැබින් කාම­ර­වල වීදුරු කවුළු බිඳ දමා ඊට ඇතු­ළු­වීම ඉතාලි වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ඇතුළු මෙහෙ­යුම් ප්‍රධා­නින්ගේ සැල­සුම වී ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවත් ගැඹුරු මුහුදේ කිමි­දීම මිනිත්තු 12කට සීමා වන බවත්, ඒ සඳහා කිමි­දුම් කණ්ඩා­යම් කිහි­ප­යක් මිනිත්තු 12ක් වරක් මාරු කිරීමේ ක්‍රම­වේ­දය යටතේ මෙහෙ­යු­ම්වල නිර­තව සිටින බවත් මෙහෙ­යුම් ප්‍රධා­නින් සඳ­හන් කර තිබේ. ඒ අනුව අතු­රු­දන්වූ පුද්ග­ල­යන් සෙවීමේ මෙහෙ­යුම ඉතා සංකීර්ණ වී ඇතැයි ද වාර්තා වේ. මෙහෙ­යු­මට ගත වන දීර්ඝ කාලය හා සිසිලි දූපත අවට මධ්‍ය­ධ­රණි මුහුදේ සුළි කුණා­ටු­ව­ලට වරින් වර හසු­වන යාත්‍රා සහ නෞකා­වල ඉති­හා­සය පිළි­බඳ අත්දැ­කීම් බහුල කිමි­දු­ම්ක­රු­වන්ගේ අද­හස වී ඇත්තේ අතු­රු­දන්වූ පුද්ග­ල­යන්ගේ ජීවිත පිළි­බඳ බලා­පො­රොත්තු තබා ගත නොහැකි බවය.

‘බයේ­සි­යන්‘ යාත්‍රාව මේ වන විට සිසිලි දූපත ආස­න්නයේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත්වී ඇති බව සාගර පතු­ලට යවනු ලැබු දුරස්ථ පාල­ක­ය­කින් ක්‍රියා­ත්මක වන සාගර නිරී­ක්ෂණ උප­ක­ර­ණය මගින් හඳුනා ගෙන ඇති අතර, මෙහෙ­යුම් ප්‍රධා­නින් එහි පටි­ගත වී ඇති වීඩියෝපට අනුව ඉදිරි පිය­වර ගනි­මින් සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඉතා­ලියේ සිසිලි දූපත ආස­න්නයේ මධ්‍ය­ධ­රණී මුහුදේ යාත්‍රා කර­මින් තිබූ ‘බයේ­සි­යන්‘ සුඛෝ­ප­භෝගී සංචා­රක යාත්‍රාව අන­තු­රට ලක්වී­මෙන් පසු අතු­රු­දන්වූ බ්‍රිතාන්‍ය ජාතික කෝටි­පති ව්‍යාපා­රි­කයා ඇතුළු පුද්ග­ල­යන් 6දෙනාගේ ඉර­ණම තීන්දු කරන අව­සන් පැය කිහි­පය උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යාත්‍රාව අන­තු­රට ලක්වන විට ඔවුන් සිය කැබින් කාම­ර­වල සිටි බවට වාර්තා වී ඇති අතර, එම කැබින් කාමර බාහිර බල­පෑ­ම්ව­ලින් ආර­ක්ෂා­කාරී හා වාතය පිරුණු සීල් තැබූ ආකා­රයේ කාමර බැවින් අතු­රු­දන්වූ පුද්ග­ල­යන්ගේ ජීවිත පිළි­බඳ බලා­පො­රොත්තු තබා ගත හැකි බවත් සමුද්‍ර අන­තුරු සම්බන්ධ විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කර තිබේ.