ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.






විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් තමන් සමගි ජන බලවේගය හා එක්වූ බව ඇය සඳහන් කළාය.කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඇය මෙලෙස සමගි ජන බලවේගයට හා එක්වූවාය. මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහාය පළ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

නිමල කොඩිතුවක්කු