ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපතිරණයට නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් 14 දා දන්වා සිටියේය.
මෙම පිරිසට කාන්තාවන් දෙදෙනකු ද ඇතුළත් වන බව ප්‍රකාශකයා සඳහන් කළේය. බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී මොවුන් මුදල් ලබාගනිද්දී 14දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ද එම ප්‍රකාශකයා කීය.අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්ෂයේ හිටපු ලේකම් සහ එම පක්ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු ද සිටින බවත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම ප්‍රකාශකයා කීය. එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනක රත්නායක මහතාට අපේක්ෂකත්වය දීමට මෙම පුද්ගලයන් අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව අනුව මොවුන් වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී මුදල් ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කරයි.එහිදී ජනක රත්නායක මහතාගේ පාර්ශ්වයෙන් මුදල් සූදානම් කරගෙන පැමිණ සිටි බවත්, ඔවුන්ට මුදල් දීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ බවත් එම පාර්ශවයේ සාමාජිකයෙක් පැවසීය.ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ජනක රත්නායක මහතා එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ කිරීමට නාම යෝජනා දුන්නේය.
යොහාන් භාසුර
0 Comments