kaiwaru-muthu-arrested

ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මනෝජ් මුතුකුමාරණ හෙවත් කයිවාරු මුතු නමැත්තා එරට ආගමන විගමන නිලධාරීන් විසින් මීට දින දෙකකට පමණ ඉහතදී සැකපිට

අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

කල් ඉකුත් වූ විදෙස් ගමන් බලපත්‍රයකින් එරට රැඳී සිටියේ යැයි කියමින් එරට ආගමන විගමන නිලධාරීන් මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගෙන ඇති බව ඩුබායි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පාතාල කල්ලි නායකයා මෙරට සිටින ඔහුගේ ගෝල බාලයන් මෙහෙයවමින් මිනී මැරුම් ඇතුළු අපරාධ කරන අයකු යැයි පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කොරතොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිට මීට මාස කිහිපයකට ඉහතදී මල්වඩමක් තැබීම ඩුබායි රටේ සිට මෙහෙයවනු ලැබ ඇත්තේද මෙම පාතාල කල්ලි නායකයා විසිනැයි කියති.

මෙම පාතාලයා ඩුබායි සිට රුපියල් ලක්ෂ ගණනක කප්පම් මුදලක් ඉල්ලා ඇතත් නොගෙවීම හේතුවෙන් ඔහු බිය කිරීමේ අරමුණින් මල් වඩම නිවෙස ඉදිරිපිට තබා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.