kandy-drone

මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්‍ෙදාලි මහ පෙරහර වීථි සංචාරය කරද්දී ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් යොමුකර ඡායාරූප ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.



අදාළ ඩ්‍රෝන කැමරාව පියාසර කරනු නිරීක්ෂණය වීමෙන් පසු ඩ්‍රෝන ජෑමරය උපයෝගි කරගනිමින් එය පහත හෙළීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත. ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකින් පසු එම ඩ්‍රෝන කැමරාව දළදා මැඳුරට නුදුරින් පිහිටි හෝටල් පරිශ්‍රයක තිබී සොයාගෙන තිබේ.

එම ස්ථානයෙන් සැකකටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් මහනුවර පොලිසිය කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.



මහනුවර පදිංචි 47 හැවිරිදි ඡායාරූප ශිල්පියකු ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා ගුවන් ගත කළ නොහැකි බවත් විශේෂයෙන් ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කලාපයට එවැන්නක් යොමු කිරීම බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් පොලිසිය පවසයි.

තුන්වැනි රන්‍ෙදාලි පෙරහර දිනද මහනුවර වැව රවුමේ සිට තරුණයන් දෙදෙනකු ඩේ‍රා්න කැමරාවක් පෙරහර සීමාවට යොමුකර තිබියදී ගුවන් හමුදා නිලධාරීන් විසින් එය බිම හෙළා සැකපිට අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

 මහනුවර – කේ.එල්. සුරවීර