kaushalya-nawaratne-basl

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට එම සංගමයේ නීතිඥ මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අනුව, කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට වූ යෝජනාවක් අද පැවති නීතීඥ මණ්ඩලය රැස්වීමේදී ඒකමතිකව අනුමත කළ බව වාර්තා වේ. සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමටද තීරණය විය.



ශ්‍රී ලංකාවේ විනිවිද පෙනෙන හා තරඟකාරී ව්‍යාපාරික වාතාවරණයක් (දූෂණ විරෝධී) ප්‍රවර්ධනයට අදාළව ජයිකා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන BASL ව්‍යාපෘතියට අදාළ චෝදනා සොයා බැලීම සඳහා BASL නීතිඥ මණ්ඩලය විසින් පංච පුද්ගල විමර්ශන කමිටුවක් මැයි මස 18 වන දින පත් කරන ලදී.
 ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතරවු ගනුදෙනු පිළිබඳ වාර්තාවෙන් අනාවරණය වූයේ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා අදාළ ගනුදෙනුවලදී විනිවිදභාවයකින් කටයුතු කර නොමැති බවයි.
  කොන්ත්‍රාත් කටයුතු සහ පර්යේෂකයින් තෝරා පත් කර ගැනීමේ කටයුත්තේදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇතැයි වාර්තාවෙන් අනාවරණය විය.
ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපතිවරයා ලෙස මේ වසරේ ජනවාරි මාසයේදී තවත් ධුර කාලයක් ලබාගෙන තිබුණි. ඔහු 2024-2025 කාලය සඳහා නිතරගයෙන් තේරී පත් වූ අයෙකි.