kelawarapitiya-power-plant

කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්  අද දහවල් විවෘත විය.


එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතුයි.

ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන පළමු මහ පරිමාණ විදුලි බලාගාර ව්‍යාපෘතිය වන වත්තල, කෙරවලපිටිය 350MW සොබාදනවි ද්විකෘත ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘති භූමියට ලක්දනවි සමාගම විසින් 2023 පෙබරවාරි මාසයේදී බර උපකරණ ප්‍රවාහනයේ පළමු අදියර සාර්ථකව නිම කරමින්, ගෑස් ටර්බයිනය (GT), ගෑස් ටර්බයින් උත්පාදක (GTG) සහ ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය ගෙන ඒමත් සමඟ සොබාදනවි ව්‍යාපෘතියෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් සම්පූර්ණ කෙරුණි.

එහි දෙවන අදියර ආරම්භ කරමින් වාෂ්ප ටර්බයින් (ST), වාෂ්ප ටර්බයින් උත්පාදක (STG), ප්‍රධාන පරිවර්තකය සහ තාප ප්‍රතිසාධන වාෂ්ප උත්පාදක (HRSG) මොඩියුල කොළඹ වරායට ගොඩබා ඇති අතර මෙම උපකරණ 2024 ජනවාරි මස සිදු කෙරිණි.

සොබාදනවි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර 2024 දී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 220ක් ජනනය කර දායක වනු ඇත. ව්‍යාපෘතියේ දෙවන අදියර තවත් මෙගාවොට් 130ක් එකතු කරනු ඇත, එහිදී 2025දී බලාගාරය මඟින් ශ්‍රී ලංකාවට මෙගාවොට් 350ක සම්පූර්ණ ධාරිතාවයකින් විදුලිය නිපදවීම සම්පූර්ණ කරනු ඇත.