kottawa-van-driver-heart-attack

කොට්ටාව, මත්තේ­ගොඩ මාර්ගයේ ධාව­නය වෙමින් තිබූ වෑන් රථ­යක රියැ­දු­රුට ඇති වූ හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් ප්‍රාඩ්‍රෝ ජීප් රථ­යක, වෑන් රථ­යක හා ලොරි රථ­යක ගැටී සිදු වූ මාරක රිය අන­තු­රින් තුවාල ලැබූ වෑන් රථ රියැ­දුරු ප්‍රති­කාර සඳහා හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මට යෑමේදී පෙරේදා (22) රාත්‍රී මිය­ගොස් ඇතැයි පිළි­ය­න්දල පොලි­සිය පැව­සීය.



මෙසේ මිය­ගොස් ඇත්තේ පන්නි­පි­ටිය, බ්‍රාහ්ම­ණ­ගම, අංක 176/2හි පදිංචි දොන් ලසන්ත දර්ශන ජය­මාන්න නමැති 66 හැවි­රිදි ව්‍යාපා­රි­ක­යෙකි. මෙම ව්‍යාපා­රි­කයා දෛනික සේවා කට­යුතු නිමවා කොට්ටාව, මත්තේ­ගොඩ මාර්ගය ඔස්සේ මත්තේ­ගොඩ දෙසට යමින් සිටි­යදී පින්හේන හන්දිය ආස­න්න­යේදී මෙම අන­තුර සිදුව තිබේ. එහිදී මෙම වෑන් රථය කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­ර­යකු කොට්ටාව දෙසට පැදවූ ප්‍රාඩෝ ජීප් රථ­යක ගැටී පසුව මත්තේ­ගොඩ දෙසට සර­සවි සිසු­වකු පැදවූ වෑන් රථ­ය­කත්, ව්‍යාපා­රි­ක­යකු කොට්ටාව දෙසට පද­ව­මින් තිබූ ලොරි රථ­ය­කත් ගැටී මාරක රිය අන­තු­රක් සිදුව තිබුණි.

අන­තු­රින් වෑන් රථ රියැ­දු­රුට පම­ණක් බර­ප­තළ තුවාල සිදුව තිබූ අතර,

සුව­සැ­රිය ගිලන් රථ­ය­කින් ඔහු ප්‍රති­කාර සඳහා හෝමා­ගම මූලික රෝහ­ලට රැගෙන යමින් සිටි­යදී මිය­ගොස් තිබේ. අන­තු­රට ලක් වූ ප්‍රාඩෝ ජීප් රථ­යට, වෑන් රථ දෙකට හා ලොරි රථ­යට ද හානි සිදුව තිබේ.

අන­තුර සිදු­වන අව­ස්ථා­වේදී මිය­ගිය වෑන් රථ රියැ­දු­රට හෘද­යා­බා­ධ­යක් වැලඳී ඇති බවට මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් නිග­ම­නය කිරීම සඳහා ඊයේ (23) මෘත දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම මූලික රෝහ­ලේදී සිදු කිරී­මට නිය­මි­තව තිබිණ. දේහය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම හදිසි මරණ පරී­ක්ෂක සාම විනි­සුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කිරී­මට නිය­මි­තය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් පිළි­ය­න්දල පොලි­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක බොතේජෝ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ඉදිරි පරී­ක්ෂණ පව­ත්වයි.


(කොට්ටාව - ප්‍රදීප් කුමාර බණ්ඩාරගම - බිමල් ජයසිංහ)