මැණික් විජේවර්ධනගේ පපුවටත්, කේ සුජීවාගේ පාදයකටත් වෙඩි වැදී තිබුණ අතර ඔවුන් දෙන්නාම සිදුවීමෙන් ඇතිවූ කම්පනයත් සමග මානසිකවද දුර්වල වී තිබුණි.
මෙම තත්වයන් නිසා මැණික් වෙත ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇයව හමුවන අයට දැඩි සීමා පනවා තිබුණ අතර සිදුවීම ගැන තොරතුරු පවා ඇයට විස්තර සහිතව දන්වා නොතිබුණි.
දැනගන්නට ලැබෙන පරිදි සිය සැමියා වන සුරේන්ද්‍ර වසන්ත අතුරුගිරිය ප්‍රහාරයෙන් මියගිය බව මැණික් දැනගෙන ඇත්තේ ඇය රෝහලෙන් පිටව යන්නට සූදානම්වන අවස්ථාවේ බව වාර්තා වෙයි. ඔහු වෙනත් රෝහලක තවම ප්‍රතිකාර ලබන බව දක්වමින් ඇයගේ යහපත තකා ඒ ගැන වෛද්‍යවරුන් තොරතුරු සඟවා තිබුණි.
වෙඩි ප්‍රහාරයෙන් පසු ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළ අතර එම තුවාල සුව වනතුරු ඇයට රෝහලේ නිසොල්මනේ කාලය ගත කිරීමට සිදුවිය.
ඊට අමතරව ඇයට ඇතිවූ කම්පන තත්වයන්ගෙන් පසු විශාදය රෝගයට ගොදුරුවී ඇති බවත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා විය.
සැමියා මියගිය බව දැනගත් ඇය මහත් සේ හඬා වැළපුණ බව වාර්තා විය.
සුරේන්ද්‍ර වසන්තට බිරියන් කිහිප දෙනෙකු සිටි අතර ඔහුගේ අවසන් බිරිය වූයේ මැණික්ය. ඇය පොලොන්නරුව ප්‍රදේශයෙන් කොළඹ පැමිණි තැනැත්තියක බවත් ඇගේ පවුලේ පියා සීසර් වරයෙකු බවත් පසුගිය කාලයේ මාධ්‍ය හෙළිකර තිබුණි.
ටිරාන් අලස් ඇමතිවරයා පැහැදිලි කර තිබූ ආකාරයට සුරේන්ද්‍ර වසන්ත පවුල අවසන් කාලයේ සතරඅතට ණයවී ආර්ථික වහයෙන් අසරණ මට්ටමක සිටි බවත් ඔවුන්ට එක් එක් අයගෙන් ලබාගත් ණය ගෙවාගන්නට අපහසුවී එදිනෙදා වියදම් වලට පවා ගැටලු පැවති බවත් වාර්තා කර තිබුණි. මැණික් විජේවර්ධන මිරකල් ග්ලොව් නමින් ක්‍රීම් වර්ගයක් විකුණන සුළු ව්‍යාපාරයක්ද කරගෙන ගිය අතර ඇය ඒ ගැන සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රචාරණ සිදු කරමින් සිටියාය. ඇය තුවාල ලද පසු ප්‍රතිකාර ලැබුයේද රජයේ රෝහලකිනි.
මේ අතර වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටි ජනප්‍රිය ගායන ශිල්පිනි කේ .සුජීවා දෙවැනි වරට ඇතුළත්වූ පුද්ගලික රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තා විය.
ටැටූ ආයතනය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ සිදුවූ වෙඩි ප්‍රහාරය නිසා ගායන ශිල්පිණී කේ. සුජීවා ගේ සැමියා වූ නයන වාසුලද මියගියේය. ඔහු ඇගේ තෙවන සැමියා විය.
පාදයට වෙඩි වැදී තුවාල ලැබූ කේ සුජීවා කලක් කොළඹ ජාතික රෝහලෙහි සිටි අතර අනතුරුව නිවසට එක් දිනකට ගොස් නැවතත් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූවාය.
මඩකලපුව ප්‍රදේශයේ සිට සූරියන් දමිළ නාලිකාවේ නිවේදිකාවක ලෙස වැඩකරන්නට කොළඹ පැමිණි කේ සුජීවා පසුව ගායිකාවක ලෙස ද ප්‍රකට වූ අතර ඇගේ දියණියන් දෙන්නාද ගායන කටයුතු සඳහා එක්ව තිබුණි.
ටැටූ සාප්පුව විවෘත කරන්නට ඇය අතුරුගිරියට ගොස් තිබුනේ දුලාන් නමැත්තා ඇයට හා දියණියන්ට මින් ඉහත වෙනත් ආයතනයකදී ටැටූ ගසා ඇතිකරගෙන තිබූ මිතුරු සම්බන්ධය නිසාය.
පාතාල ප්‍රහාරය නිසා පාදයට වෙඩි වැදුණ කේ සුජීවා රෝහල් ගත කර තිබුණි.
කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ අයගේ පාදයට සැත්කම් තුනක් කර තිබූ බව වාර්තා විය.
ඇයගේ තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බැවින් නිවසට යන්නට රෝහල අවසර ලබාදී ඇති නමුත් ඇයට කලක් යනතුරු ඇවිදීමේ අපහසුතා පවතිනු ඇතැයි දන්වා ඇත.
0 Comments