kuwait-ethera-api

එතෙර අපි සංවිධානය මූලිකවී කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන් නිදහස් කිරීමට අදාළ උපදෙස් දුන් බවත්  විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා තිබූ අතර දැන් වාර්තාවන්නේ,කුවේට් හිදි අත්අඩංගුවට ගත් මෙරට ජනප්‍රිය ගායක ගයිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් පසු නිදහස් කර තිබෙන බවයි.
මෙම පිරිසට,උපේඛා නිර්මාණී,සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ හා ජොලි සීයා (නව) යන අයද ඇතුළත් විය.



කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිනුමේ සටහන් කර තිබුනේ,

"ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එතර අපි සංවිධානය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වූ සංවිධායකයින් සහ සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මට දන්වා ඇත. මම අපගේ තානාපති කාර්යාලය අමතා ඇති අතර ඔවුන් හැකි ඉක්මනින් ඔවුන්ව නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී" යනුවෙනි

 ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් බව පැවසෙන අතර
එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.