lalith-pathinayake

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන ධුරයේ වැඩ බැලීම සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසම විසින් පත් කරනු ලැබ සිටි.




ඔහු මෙම තනතුරට පත් කර ඇත්තේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවය. පොලිස් පරිපාලන ධුරයේ කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා තාවකාලිකව අනිවාර්ය නිවාඩු යෑමෙන් එම තනතුර හිස්විය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය. ලලිත් පතිනායක මහතා පොලිස් සේවයට එක්වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙනි.
 ගයාන් සූරියආරච්චි