malambe-case-vass

මාලබේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදුන්බවටචෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් තිදෙනකු වරදකරුවන් බව තීරණය කළ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඔවුන්ට වසර 04 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (08) නියම කළේය.


මෙම නඩුවේම විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහි චෝදනා ඔප්පු වී නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔවුන් තිදෙනා සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කළේය.




මහජන ආරක්‍ෂාව සඳහා පත් කර ඇති පොලිස් නිලධාරීන් මිනිසුන් මෙලෙස පැහැරගෙන ගොස් සිරකර තැබීම ඉතාම බරපතළ තත්වයක් වන හෙයින් පොලිස් නිලධාරීන් ද රටේ නීතියට යටත් බව සේවයේ යෙදී සිටින සෙසු පොලිස් නිලධාරීන්ටත් පසක් වන අන්දමේ දඬුවමක් මෙම විත්තිකරුවන්ට නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.


මාලබේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වූ නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දීමේ සිද්ධියෙන් වසර 07ක කාලයකට පසු 2016 වසරේ දී විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබූ අතර වසර 09ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මෙම තීන්දුවට හේතූ වූ කරුණු ඇතුළත් කර පිටු 69කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.


2009 අගෝස්තු මස 08 වැනිදාත් අගොස්තු මස 21 වැනිදාත් අතර කාලය තුළ මාලඹේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ සිසුවකු වූ ධනුෂ්ක නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කිරීම, නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන යෑම පොදු අරමුණ කරගත් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, නිරුවත් කර ඔහුට පහර දෙන ලදැයි නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 13ක් යටතේ නඩු පවරා ඇත.


මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර ද සිල්වා, වයි.එම්. ලක්ෂ්මන් තිලකරත්න, ඩී.එම්. සමන්ත සඳුන් දිසානායක සහ ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරීන් හයදෙනෙකි.


නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී නඩුවේ 08 වැනි විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරියා හැර ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ විත්තිකාර පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩුවේ විත්තිකරුවන් වන මොහොමඩ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිය.




මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී නඩුවේ 08 වැනි විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දකුණු පාදය මීට දින 20කට පෙර ශල්‍යකර්මයකින් ඉවත් කිරීම හේතූවෙන් ඔහු මේ වන විට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයි කීය.ඔහු වෙනුවෙන් පෙනී සිටීමට හා අවශ්‍ය කටයුතු කිරීමට තමන්ට බලය පවරමින් තම සේවාදායකයා ලිපියක් දී ඇතැයි ද ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා දැනුම් දුන්නේය.


ඉන් අනතතුරුව අධිකරණය ඇමතූ විනිසුරුවරයා මෙම නඩුවේ 03,,04 සහ 06 වැනි විත්තිකරුවන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ වයි.එම්. ලක්ෂ්මන් තිලකරත්න, ඩී.එම්. සමන්ත සඳුන් දිසානායක සහ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නමැත්තියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් තිදෙනා නිදොස් කර නිදහස් කළේය.


චෝදනා වලින් නිදොස් කර නිදහස් කළ විත්තිකරුවන් තිදෙනා විත්ති කූඩුවෙන් බැස ගිය පසු සෙසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතුරින් 01, 02 සහ 05 වැනි විත්තිකරුවන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර ද සිල්වා සහ රවිඳු වාස් ගුණවර්ධන නමැත්තන් ඔවුන්ට එරෙහි චෝදනා 06කට ද, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා එක් චෝදනාවකට ද ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැත්තා චෝදනා 02කට ද වරදකරුවන් බව විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය.


විත්තිකරුවන්ට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි සඳහන් කරමින් ඔවුන් එම චෝදනාවලට වැරදිකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් වැරදිකරුවන් කිරීමට හේතු වූ සියලු කරුණු නඩු තීන්දුවේ සඳහන් කර ඇතැයි ද පැවසීය.කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ වයි.එම්. ලක්ෂ්මන් තිලකරත්න, ඩී.එම්. සමන්ත සඳුන් දිසානායක සහ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නමැත්තියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් තිදෙනා නිදොස් කර නිදහස් කළේය.ච

ෝදනා වලින් නිදොස් කර නිදහස් කළ විත්තිකරුවන් තිදෙනා විත්ති කූඩුවෙන් බැස ගිය පසු සෙසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතුරින් 01, 02 සහ 05 වැනි විත්තිකරුවන් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, දමිත් ප්‍රියංකර ද සිල්වා සහ රවිඳු වාස් ගුණවර්ධන නමැත්තන් ඔවුන්ට එරෙහි චෝදනා 06කට ද, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා එක් චෝදනාවකට ද ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ත සමන් විතානගේ නමැත්තා චෝදනා 02කට ද වරදකරුවන් බව විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළේය.


විත්තිකරුවන්ට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි සඳහන් කරමින් ඔවුන් එම චෝදනාවලට වැරදිකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් වැරදිකරුවන් කිරීමට හේතු වූ සියලු කරුණු නඩු තීන්දුවේ සඳහන් කර ඇතැයි ද පැවසීය.


විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් පොලිස් නිලධාරීන් පත් කර ඇත්තේ මහජන ආරක්‍ෂාව සඳහා යැයි කීය. මහජන ආරක්‍ෂාව සඳහා පත් කර ඇති පොලිස් නිලධාරීන් මිනිසුන් පැහැරගෙන ගොස් සිරකර තැබීම මෙන්ම ඔවුන්ට පහරදී තුවාල කිරීම ඉතාම බරපතළ තත්වයක් බවත් පොලිස් නිලධාරීන්ද රටේ නීතියට යටත් බව අඟුලාන පොලිසියේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි නඩු තීන්දුව ද අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පොලිස් නිලධාරීන් ද රටේ නීතියට යටත් බව සේවයේ යෙදී සිටින සෙසු පොලිස් නිලධාරීන්ටත් පසක් වන අන්දමේ දඬුවමක් මෙම විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.


විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන

කුරුප්පු මහතා සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයන් රටේ ආරක්‍ෂාව සඳහා වසර ගණනක කාලයක් පුරා සේවය කළ අය යැයි පැවසූහ.මෙම සිද්ධියට අදාළ සිදුවීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ තම සේවාදායකයන් දෙලොවක් අතර අතරමං වූයේ යැයි ද මෙම සිද්ධිය වී මේ වන විට වසර 15ක පමණ කාලයක් ගත වී ඇතැයි ද පෙන්වා දුන් නීතිඥවරු තම සේවාදායකයන්ට යළි සමාජගත විය හැකි අන්දමේ ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියහ.


ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට වරදකරුවන් කර ඇති චෝදනා ඉතාම බරපතළ ඒවා යැයි ද සමාජයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම තත්වය බිඳ දමා තිබීම මෙන්ම ඒ සම්බන්ධයෙන් පශ්චත්තාප නොවීම මෙන්ම පහර කෑමට ලක්වූ අවුරුදු 22ක වයසේ පසුවූ සිසුවා දින 20 කාලයක් පුරා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට වීම ද සැලකිල්ලට ගන්නා බව විනිසුරුවරයා සඳහන් කළේය.


ඒ අනුව 01, 02 සහ 05 වැනි විත්තිකරුවන් වරදකරුවන් වූ චෝදනා 06න් චෝදනා 04කට වසර 04 බැගින් වසර 16ක සිර දඬුමක් ද ඉතිරි චෝදනා 02ට වසර බැගින් වසර 02ක සිර දඬුමක් ද වශයෙන් වසර 18ක සිරදඬුවම් ද නඩුවේ 08 වැනි විත්තිකරු වරදකරු වූ චෝදනා 02ට වසර 04 බැගින් වසර 08ක සිර දඬුමක් ද නියම කළ විනිසුරුවරයා එය වසර 04ක කාලයක් තුළ ගෙවී යන අන්දමින් ක්‍රියාත්මක කිරීමට ද නියම කළේය.


නඩුවේ 07 වැනි විත්තිකරු වරදකරු වූ චෝදනාවට වසරක සිර දඬුමක් ද නියම කළ අතර 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට රුපියල් 82,000/-ක දඩ ද 08 වැනි විත්තිකරුට රුපියල් 8,000/-ක දඩයක් ද, 07 වැනි විත්තිකරුට රුපියල් 4,000/-ක දඩයක් ද පැනවූ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 03 බැගින් ලිහිල් සිරදඬුවම් නියම කෙරිණි.පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චින්තක උඩදෙණිය මහතා සමඟ නීතිඥ දර්ශනී කුරුප්පු මහතා ද ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ද පෙනී සිටියහ.
(මනෝප්‍රිය ගුණසේකර)