malambe-incident

මාලබේ කහන්තොට ජයන්ති මාවතේ නිවෙසක විස වායුවක් යැයි සැකකෙරෙන යමක් කාන්දු වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ වයස 65ක සහ 43 ක දෙදෙනෙකි.මියගිය දෙදෙනාගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.




මියගිය දෙදෙනා යම් කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් කලවම් කිරීමට යෑමේදී විෂ දුමක් කාන්දුවීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මෙලෙස මරණයට පත්වන්නට ඇතැයි සැක කෙරෙන බව මාලබේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.නිවෙසේ ඇති රසායනික ද්‍රව්‍ය කුමක්දැයි තවමත් හඳුනා ගැනීමට හැකිවී නැත.නිවෙසේ විස වායුව තවමත් තිබෙන බැවින් පරීක්ෂණ කටයුතු කිරීම සඳහා එහි යෑමේ අපහසුතාවයක් ඇති බව පොලිසිය පවසයි.




මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිය නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ  ස්ථාන පරීක්ෂණ නිලධාරී කණ්ඩායමේ පොලිස් පරීක්ෂකවරයකුටද හුස්ම ගැනිමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.මියගිය දෙදෙනා සිටි කාමරයේ තිබී පාවිච්චි කරන ලද උපත් පාලන කොපු කිහිපයක්ද හමුවී ඇති බවත් මියගිය අයකු ඉතා කෙටි කාලයකදි විශාල වශයෙන් විස පරිහරණය කර ඇති බවත් තොරතුරු අනාවරණය ඇතැයි එම නිලධාරියා කීවේය.පරමාණුක බලශක්ති අධිකාරියද එම නිවෙස පරීක්ෂා කිරීමට නියමිතය.මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(කේ.බුද්ධික කුමාරසිරි)