maliban-chairman-no-more

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී. රත්නපාල සමරවීර මහතා පෙරේදා (07) අභාවප්‍රාප්ත විය.මියයන විට ඔහු 83 වියේ පසු විය. මැලිබන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ඒ.ජී. අප්පුහාමි මහතාවූ සිය පියාණන්ගෙන් පසු එම ව්‍යාපාරය ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාම සඳහා හෙතෙම කටයුතු කළේය.


සමරවීර මහතා සිය ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් සෑම විටම කටයුතු කළ අතර ආදර්ශවත් නායකයෙක්ද  විය.දේහය කොළඹ 07, ග්‍රෙගරි පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට (10) පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.