
මාවනැල්ල නගරයේ පොළ පාරේ වයස අවුරුදු තුනහමාරක පෙර පාසල් දැරියකගේ හිසට ඊයේ (01) උදෑසන පොල්ගෙඩියක් වැටීමෙන් ඇය මරණයට පත්ව ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.අනතුරින් මරණයට පත්වූයේ නන්එදිරිගේ රනුලි හසත්මා එදිරිමාන්න නමැති දැරියයි. ඇයගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක වන අතර පියා රජයේ රෝහලක ගිලන්රථ රියැදුරකු බව කියති.
රනුල දැරියගේ හිසට පෙර පාසල් වත්තේ පොල් ගහකින් ගෙඩියක් වැටීමෙන් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර පසුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වූවාය.දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී කිරීමට නියමිතය.
(බණ්ඩාර ජයරත්න)

Comments
Post a Comment
Your comment will be visible after approval