mirihana-jeep-liquer-case

මිරිහාන පොලීසියට අයත් ජීප්රථයකින් වරායේ ජය බහලුම් පාර්යන්තයට පැමිණි තිදෙනෙක් ජය බහාලුම් පර්යන්තයේ නැවකින් මත්පැන් බෝතල් 42ක් හා සිගරට් කාටූන් 8ක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුව විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කළ විමසීමකදී සඳහන් කළේය. පරීක්ෂණය සිදුකිරීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දෙන බවද ඒ මහතා පැවසීය.


වරායට ඇතුළු වූ මිරිහාන පොලීසියට අයත් ජීප්රථයක් පසුගිය සෙනසුරාදා (03දා) නැවත පිටව යද්දී වරාය ආරක්ෂයකයන් විසින් පරීක්ෂාවට ලක්කිරීමේදී එම ජීප් රථයේ විදෙස් මත්පැන් බෝතල් 42ක් සිගරට් කාටූන් 8ක් ඇතුළු උපකරණ කීපයක් තිබී සොයාගැනුණි.

(එච්.අයි.තුෂාර)