මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් අද (28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට පැමිණි සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
2024 පෙබරවාරි 16 වැනි දින වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුට තුවාල සිදු කළ වැටලීමකදී පහරදීමේ සිද්ධියක ප්‍රධාන සැකකරු වන්නේ නදීන් බාසික් ය.
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ ඔහු විදෙස්ගත වී තිබෙනවා.
ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.
හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, විදේශ මුදල් නෝට්ටු, නදීන් භාසික්ගේ රියදුරු බලපත්‍රය, ඩුබායි විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් සහ එම ප්‍රාන්තයේම තවත් රියදුරු බලපත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත. ඊට අමතරව සැකකරු විවිධ පුද්ගලයන් සමඟ සිදුකළ මුදල් ගනුදෙනු පිළිබඳ ලිපි ලේඛනද සොයා ගෙන ඇත.
සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලවත්ත පොලිසියට භාරදී ඇති බව පොලිසිය පවසයි.
නදීන් බාසික්ගේ පියා වන ශිරාන් බාසික් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ 'ගෝඩ් ෆාදර්' ලෙස සැලකෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර ඔහු මේ වනවිට ඩුබායි හි සැඟවී සිටියි.
0 Comments