namal-named-president-election

2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අපේක්ෂක නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන 8.55 ට පමණ සිදුවිය.


අපකේෂකත්වය සඳහා අපේක්ෂාවෙන් සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ එම අවස්ථාව නොගන්නා බවට ප්‍රකාශ කිරීමත් පසු නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා සූදානම් බවට වාර්තා පළවූ අතර
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අපේක්ෂක නිල වශයෙන්  නාමල්ගේ නම ‍මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශයට පත් කළේය.
මෙම අවස්ථාවට 20 -30 අතර පිරිසක් එක්ව තිබූ අතර ඒ අය අතර මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු,ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න ආදී කිහිපදෙනෙකුද විය.