පවු‍ලේ සහ පක්ෂයේ ආශිර්වාදය ඇතිව නාමල් රාජපක්ෂ නාමයෝජනා අත්සන් තැබීම අද සිදු කළ අතර අනතුරුව ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක ලෙස නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙලෙස අද(14) තැන්පත් කරන ලදී.

නාම යෝජනා අත්සන් කරන අවස්ථාව සංඝරත්නයේ ආශිර්වාද සහිතව සිදුවූයේ රාජපක්ෂ පවුලේ අය හා දැනට ඉතිරිව සිටින පොහොට්ටු මන්ත්‍රීන් කිහිපදෙනා සමගිනි. මෙම අවස්ථාවට අරගලයෙන් පසු පළාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂද එක්ව තිබීම විශේෂත්වයකි.
ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

gossiplanka01

gossiplanka02 gossiplanka03 gossiplanka04 gossiplanka05

gossiplanka06 gossiplanka07 gossiplanka08 gossiplanka09 gossiplanka10 gossiplanka11 gossiplanka12

gossiplanka13 gossiplanka14 gossiplanka15 gossiplanka16 gossiplanka17