namal-president-candidate

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා හෙට (7) උදේ 7 ට ප්‍රකාශ කරන්නට නැකත සූදානම් කර තිබෙන නමුත් අවසන් මොහොතේ තීරණ වෙනසක් සිදුව ඇතැයිද ධම්මික පෙරේරා අපේක්ෂකත්වය වෙනුවෙන් නම ලබාදෙන්නට සිටියද නැවත සිතා බැලීමක් කරන බව දන්වා තමන්ගේ නම ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටි බව රාජපක්ෂ පවුලේ ඥාතී උදයංග වීරතුංග අද (6) සවස වීඩියෝවක් මගින් ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ ධම්මිකට සිය තීරණය වෙනස් කරන්නට ඇරයුම් කර ඇති බවත් එසේ නොවුනොත් නාමල් රාජපක්ෂගේ නම හෙට දින (7) ජනපති අපේක්ෂක ලෙස නම් කරනු ඇති බවයි.
උදයංග වීරතුංග මේ ගැන හෙළි කරන වීඩියෝව පහතින්