namal-ranil-basil-chandrasen

බැසිල් රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යඑස්.එම්. චන්ද්‍රසේන වෙනුවෙන් සෑම විටම කොන්දේසි විරහිතව පෙනී සිටි බවත් ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර යම් හිත් අමනාපයක් පවා ඇතිවුණේද චන්ද්‍රසේන මහතාට තනතුරක් ලබා ගැනීමට උත්සාහ දැරීමේදී බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.




රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අනුරාධපුරයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් පිරිසක් හමුවීමෙන් අනතුරුව පෙරේදා (3) මාධ්‍යට ප්‍රකාශයක් කරමිනි. නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.අපේ හදවත අපේ හිත පිරිසුදුයි. අපි උපරිම දේ එයාලට කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ එකක්.නැවත එන ඕනෑම කෙනකුට පක්ෂයේ දොර විවෘතයි. මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න වගේම යන්නත් පුළුවන්.


හම්බන්තොටින් නාමල් රාජපක්ෂ ගියත් දෙවැනි පෙළක් ඉන්නවා. හම්බන්තොට දිනවන්න. අනුරාධපුරයත් එහෙමයි. පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න. පක්ෂයේ යාන්ත්‍රණය බොහෝම ශක්තිමත් එකක්.

 දයාරත්න ඇබෝගම