nayana-wasula-club-wasantha

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී ක්ලබ් වසන්ත  සහ නයන වාසුල වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් ඇතුළු ප්‍රධාන සැකකරුවන් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර මේ ඝාතනය සම්බන්ධ විස්තර රැසක් ඔවුන් ප‍ාපොච්චාරණය කර තිබේ.

පාණ­දුර බස්නැවතුමකදී අල්ලාගත් ඝාත­න­යට සම්බන්ධ වෙඩි­ක්ක­රු­වකු වන සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් 'පොඩි බලයා' නමැති වෙඩි­ක්ක­රුට සහ සැක­ක­රු­වන් ප්‍රවා­හ­න­යට යොදා­ගත් මෝටර් රථයේ රියැ­දුරු ලෙස මදු­සංක ද සිල්වා නොහොත් 'බහි­ර­වයා' යන අයට නවා­තැන් දුන් බව කියන පාණ­දුර පිංවත්ත පාසල් මාවත පදිං­චි­ක­රු­වකු වන 56 හැවි­රිදි හිටපු බස්නා­හිර පළාත් සභා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී­ අමල් සිල්වා ඊයේ (29) අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.



සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන විදෙ­ස්ග­තව සැඟවී සිටින කන්ජි­පානි ඉම්රාන් නමැ­ත්තාගේ දැනුම් දීම මත ජූඩ් නමැ­ත්තකු අමල් සිල්වා මන්ත්‍රී­ව­ර­යාට දුර­ක­ත­න­යෙන් දැනුම්දී ඇත්තේ තම මිතු­රන් දෙදෙ­නකු සඳහා දින කිහි­ප­යක් නවා­තැන් ලබා දෙන ලෙසයි. ඒ අනුව මන්ත්‍රී­ව­රයා දින 25ක කාල­යක් සැක­ක­රු­වන් දෙදෙ­න­කුට සිය නිවෙසේ නවා­තැන් ලබා දී ඇති නමුත් පුද්ග­ල­යන් දෙදෙනා ක්ලබ් වසන්ත ඝාතන සැක­ක­රු­වන් බවට මන්ත්‍රී­ව­රයා දැන­ගෙන ඇත්තේ නවා­තැන් ලබාදී දින පහ හය­කට පමණ පසු බව  ඔහු පවසා ඇත.

සැක­ක­රු­ව­න්ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී අනා­ව­රණ වී ඇත්තේ, පොලී­සිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනී­මට මහ­ජන සහාය පැතී­මත් සමඟ තමන්ට සැඟව සිටී­මට තැනක් නොතිබූ බවය.

ක්ලබ් වසන්ත ඝාත­න­යට ආසන්න දින­කදී තමන් ඇතුළු පිරිස ඩුබා­යිහී සිටින පුද්ග­ල­ය­කුගේ සම්බ­න්ධී­ක­ර­ණය මත අතු­රු­ගි­රිය ප්‍රදේ­ශයේ නිව­ස­කට පැමිණි බව ඝාතකයින් පොලී­සිය හමුවේ පවසා තිබේ.

එම නිව­සට පැමිණි අයකු විසින් පසු­දින උදෑ­සන ඝාත­නය කළ­යුතු පුද්ග­ල­යාගේ ඡායා­රූ­ප­යක් පෙන්වූ බවත් ඡායා­රූ­පයේ සිටින පුද්ග­ලයා 'ක්ලබ් වසන්ත' බවට දැන නොසිටි බවත් ඔවුන් පවසා ඇත.



අන­තු­රුව KPI ලෙස සට­හන් කරන ලද උණ්ඩ යෙදූ මැග­සින් සහිත ටී.56 ගිනි අවි දෙක වෙඩි­ක්ක­රු­වන්ට ලබාදී ඔහු එම ස්ථාන­යෙන් පිටව ගොස් ඇති අතර  ජුලි මස 8 වැනිදා උදෑ­සන වෙඩි­ක්ක­රු­වන් දෙදෙනා 'බහි­ර­වයා' නමැත්තා සම­ඟින් මෝටර් රථ­ය­කින් අතු­රු­ගි­රියේ පිහිටි ටැටූ මධ්‍ය­ස්ථා­න­යට ගොස් ඝාතනය සිදු කර තිබේ.

එහිදී පළ­මුව ටැටූ මධ්‍ය­ස්ථා­න­යට ඇතුළු වූ 'පොඩි බලයා' නමැති වෙඩි­ක්කරු සිතා ඇත්තේ, කේ. සුජී­වාගේ සැමියා ක්ලබ් වස­න්තගේ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යෙක් බව­ටය.

ඒ අනුව ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ සැක­කරු අන­තු­රුව සිය පළමු මැග­සි­නයේ උණ්ඩ අව­ස­න්වන තෙක් ක්ලබ් වස­න්තට වෙඩි තැබූ බවට පොලී­සි­යට පවසා තිබේ.

පසුව ඔහු පසු­පස සිටි අනෙක් වෙඩි­ක්ක­රුද ක්ලබ් වස­න්තට වෙඩි තැබූ බව ඔහු පවසා ඇත.

අන­තු­රුව ඔවුන් මෝටර් රථ­යෙන් පැමිණ වෑන් රථ­ය­කට නැඟ කඩ­ව­තට ගොස් එහි සිට මාතර දක්වා බස් රථ­ය­කින් පළා­ගොස් තිබේ.

මාත­රදී ඔවුන් සතුව තිබූ ගිනි­අවි වෙනත් අයකු පැමිණ රැගෙන ගොස් ඇති බව පොලී­සිය සඳ­හන් කළේය. පසුව ඔවුන් කත­ර­ගම ප්‍රදේ­ශයේ සැඟව සිටි­යදී 'ලොකු පැටී' ඩුබායී සිට දුර­ක­ථ­න­යෙන් අමතා ඔවුන්ට සුබ පතා තිබේ.

 තමන් විසින් ඝාත­නය කර ඇත්තේ ක්ලබ් වසන්ත නමැත්තා යැයි දැන­ගත්තේ කත­ර­ග­මදී ප්‍රවෘත්ති ප්‍රකාශ නැර­ඹී­මේදී බවට ඔවුන් පොලී­සිය හමුවේ හෙළි­කර ඇත.

ඝාත­නය වෙනු­වෙන් අවස්ථා කිහි­ප­ය­කදී මොවුන්ට රුපි­යල් ලක්ෂ දෙක­හ­මා­රක පමණ මුද­ලක් ලබාදී ඇති බවද පොලී­සිය සඳ­හන් කළේය.

පසුව පිරිස මාත­රට පැමිණ වෙන්වී ගොස් ඇති අතර පොලී­සිය මොවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට මහ­ජන සහාය පැතී­මත් සමඟ නැවත එක් වී විවිධ ස්ථාන­වල සැඟව සිට ඇති බව කියයි.

එහිදී තමන් දෙදෙ­නාට බස්නා­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යකු වූ අමල් සිල්වා නමැ­ත්තාගේ නිවසේ නවා­තැන් ගන්නා ලෙසට ඩුබායි සිට උප­දෙස් ලැබුණු බවද ඔවුන් පොලී­සිය හමුවේ අනා­ව­රණ කර තිබුණි.

දින 20කට අධික කාල­යක් ඔවුන් එහි රැඳී සිට ඇති අතර අමල් සිල්වා විසින් ඔවුන්ගේ භාවි­තය සඳහා දුර­ක­ථ­න­යක් ද ලබාදී තිබුණු බවද පොලී­සිය පැව­සීය.



ඒ අනුව බස්නා­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සය මගින් අත්අ­ඩං­ගු­වට ගත්තේය.

ඔහු­ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී පවසා ඇත්තේ, 'කංජි­පානි ඉම්රාන්' පැවසූ බව සඳහන් කර­මින් 'ජූඩ්' නැමැ­ත්තකු තමන්ට දුර­ක­ථන ඇම­තු­මක් ලබාදී පුද්ග­ල­යන් දෙදෙ­න­කුව තමන් වෙත එවා ආර­ක්ෂාව සප­යන ලෙස පැවසූ බවය.

සැක­ක­රු­වන් වැඩි­දුර විම­ර්ශන සඳහා අතු­රු­ගි­රිය පොලී­සිය වෙත භාරදී ඇති අතර එහිදී සිදු­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් අන­තු­රුව මිලි­මී­ටර් 9 වර්ගයේ පිස්තෝ­ල­යක් හා KPI ලෙස සට­හන් කරන ලද ටී 56 උණ්ඩ තොග­යක් සොයා­ගැ­නුණේ ඔවුන් ඝාත­න­යට පෙර නවා­තැ­න්ගෙන සිටි අතු­රු­ගි­රිය නිවසේ සඟවා තිබි­ය­දීය.

මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ රියැදුරු සතුව තිබී සොයා ගත් ජංගම දුරකථනය ද අමල් සිල්වා ලබාදුන් එකක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අමල් සිල්වා නමැත්තාට මීට පෙර අවස්ථා දෙකකදීම ගොනාකෝවිලේ රොහාගේ පාර්ශ්වය විසින් වෙඩි තබා තිබූ අතර ඔහු ඒ අවස්ථා දෙකේදීම තුවාල ලබා සියදිවි ගලවා ගත්තේය.

අමල් සිල්වා ඩුබායිහි සැඟවී සිටින කුඩු අංජු නමැත්තාගේ සමීප ඥාතියකු බවද පොලිසිය පවසයි.

විදෙස් රටවලට පලාගොස් සැඟව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයන් දෙදෙනකු ලෙස සැලකෙන ලොකු පැටි සහ කංජිපාණී සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ සිට සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මෙම පාතාල නායකයන් දෙදෙනා සමග තිබුණු ගනුදෙනු මොනවාදැයි යන්න සොයා ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.


මේ වනවිට ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනා ඝාතනයට සම්බන්ධ සිද්ධියේ සියලු සැකකරුවෝ අත්අඩංගුවට ගෙන සිටිති. මෙම ප්‍රහාරය මෙහෙයවූ ලොකු පැටී නමැත්තා ද බෙලරූෂ් රාජ්‍යයේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු ද බන්ධනාගාරගතව සිටියි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු සහ රියදුරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබිණි.