nikaweratiya-incident

ගෙව­ත්තට පැමිණි වන අලි­යකු විදු­ලිය සර වද්දවා මරා පුළුස්සා දැමූ බවට අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ සැප්තැ­ම්බර් 03 වැනි දින දක්වා සැක­කරු රිමාන්ඩ් කරන ලෙස නික­වැ­ර­ටිය මහේ­ස්ත්‍රාත් චාන්දන ලිය­නගේ මහතා නියෝග කළේය.

වන අලි­යකු ඝාත­නය කර පුළුස්සා වළ දැමූ බවට සැක­පිට පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව නික­වැ­ර­ටිය වන­ජීවී කාර්යා­ලය පව­සයි.

ඌරන්ට යෙදූ විදුලි රැහැ­නක පැටළී මේ වන අලියා මීට දින කීප­ය­කට පෙර මිය යන්නට ඇතැයි වන­ජීවී නිල­ධා­රීහු සැක කරති.



නික­වැ­ර­ටිය කොටු­අ­ත්තා­වල ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ඉඩ­මක මිය­ගිය වන අලි­යාගේ කොටස් පුළුස්සා වළ­දමා ඇති බවට පසු­ගි­යදා (29) ලැබුණු තොර­කු­ර­කට අනුව වන­ජීවී නිල­ධා­රීහු පරී­ක්ෂණ ආරම්භ කළහ.

අදාළ ඉඩම අයි­ති­කරු ප්‍රදේ­ශ­යෙන් පිටව ගොස් සිටි­යදී කුරු­ණෑ­ගල ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.වයස අවු­රුදු 47ක තිදරු පියකු වන අදාළ පුද්ග­ලයා වන සත්ත්ව සහ වෘක්ෂ­ලතා ආර­ක්ෂණ පනත යටතේ වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව විසින් නික­වැ­ර­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.



උගුල් යොදා වන අලි­යකු ඝාත­නය කිරීම,ඝාත­නය වසන් කිරීම ඇතුළු චෝදනා කීප­යක් අදාළ පුද්ග­ල­යාට එරෙ­හිව ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

මිය­ගිය වන අලි­යාගේ සිරුර විදුලි කියත් මගින් කොටස් කර පුළුස්සා වළ දම­න්නට ඇතැයි සැක කෙරේ.වන අලි­යාගේ සිරුරු කොටස් ඊයේ (30) බැකෝ යන්ත්‍ර­යක ආධා­ර­යෙන් ගොඩ­ගන්නා ලදී.

වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ පශු වෛද්‍ය ඉසුරු හේවා­කෝ­ට්ටගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිරුර සම්බන්ධ පරී­ක්ෂණ සිදු කර නැවත වලළා දැමී­මට පිය­වර ගැනිණි.

මිය­ගිය වන අලියා අඩි 7-8 පමණ උසින් යුතු සතෙකු බව පරී­ක්ෂණ වලදී අනා­ව­ර­ණය විය.
(එන්.එම්.රවින්ද්‍ර ප්‍රභාත්, ගයන්දි පමෝධා)