ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නාම යෝජනා සඳහා අවශ්‍ය කරන කාරණා සම්බන්ධව විධිවිධාන සංශෝධිත 1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතෙහි දක්වා ඇත. මෙම පනතෙහි 10 වැනි වගන්තියේදක්වාඇති ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශයෙහි තේරීම් භාර නිලධාරියා නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව සහ මැතිවරණය පැවැත්වෙන දිනය සදහන් විය යුතුය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට සිදුකළ ප්‍රකාශයෙන් පසුව මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන සෑම දේශපාලන පක්ෂයක්ම දින හතක් ඇතුළත එසේ තරග කිරීම සඳහා වූ තමන්ගේ අභිමතය ලිඛිතව කොමසාරිස්වරයාට දැන්විය යුතු අතර 11 වැනි කොටස පරිදි කොමසාරිස්වරයා විසින් එම දේශපාලන පක්ෂයට පිළිගත් ඡන්ද ලකුණක් ලබා දිය යුතුය. අනුමත කරන ලද ඡන්ද ලකුණත් සම්බන්ධ ඕනෑම මත භේදයක් පිළිබඳ අවසන් තීරණය ඡන්ද කොමසාරිස්වරයා සතුය.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(3) වගන්තියේ දක්වා ඇති පරිදි පිළිගත් ද්ශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයන් කණ්ඩායමක් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා වූ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් කොට එක් නාම යෝජනා පත්‍රයක් භාරදිය යුතුය. නාම යෝජනා පත්‍රයේ සෑම ඡන්ද කොට්ඨාසයකින්ම තෝරාපත්කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට තව තුනක් එකතු කරන ලද විට ලැබෙන සංඛ්‍යාවට සමාන නම් සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතුය. නාම යෝජනා පත්‍රය පනතේ පළමුවැනි උපලේඛනයේ A ආකෘතියෙහි ආකාරයට සකස් විය යුතුය.
සෑම අපේක්ෂකයකුම නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව තම කැමැත්ත තහවුරු කළ යුතු අතර, නාම යෝජනා පත්‍රය අදාළ දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමක් නම් කණ්ඩායම් නායකයා හෝ අත්සන් කළ යුතුය. එම අත්සන් සාම විනිසුරුවරයකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු සහතික කළ යුතුය.නාම යෝජනා පත්‍රය, නාම යෝජනා භාරදීමට නියමිත කාල සීමාව තුළ සාමාන්‍ය රාජකාරි වේලාව තුළදී එම පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකු තේරීම් භාර නිලධාරියා වෙත ඔහුගේ කාර්යාලයට ගෙනවිත් භාරදිය යුතුය. තේරීම් භාර නිලධාරියා සෑම නාම යෝජනා පත්‍රයකම පිටපතක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට බැඳී සිටියි.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 16 වැනි වගන්තියට අනුව ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයා නාම යෝජනා භාර දෙන අවස්ථාවේ රු. 2,000 ක තැන්පතුවක් තැබිය යුතු අතර එම කණ්ඩායම මැතිවරණයේදී සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 කට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගතහොත් එම තැන්පතුව රාජසන්තක වේ. නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වන අවස්ථා 19 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි වේ. ඒවා නම් නීතියේ සඳහන්ව ඇති ආකාරයට අනුකූලව භාර දී නොතිබීම, අවශ්‍ය කරන අපේක්ෂකයන් සංඛ්‍යාව නොමැති වීම, කිසියම් අපේක්ෂකයකු තම කැමැත්ත සහතික කොට නොතිබීම හෝ පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයාගේ අත්සන නොමැතිවීම හෝ නීතියෙන් අපේක්ෂා කරන පරිදි එම අත්සන සහතික කොට නොතිබීම වේ. නාම යෝජනා පත්‍ර සඳහා විරෝධතා භාර ගැනීම නාම යෝජනා භාර ගන්නා අවසාන දිනයේ මධ්‍යහ්න 12.00 ත් ප.ව. 1.30 ත් අතර සිදු කරනු ලැබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා මේ වනවිට ජනාධිපති අපේක්ෂකයන් 40 ක් ඇප මුදල් තැන්පත් කර ඇත. අද දින
ජනාධිපතිවරණ අපේක්ෂකයෝ නාමයෝජනා බාරදීම සිදු කරති. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස පරණ මූහුණු වගේම අලුත් මූණුත් ඉදිරිපත් වේ. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය විමසා බැලීමේදී අවස්ථා කීපයකදීම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මුහුණ මෙවරද දැකගත හැකිය. මෙවර ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වේ. ඔහු මෙරට දේශපාලන භූමිකාව තුළ වඩාත් කැපී පෙනෙන චරිතයකි. 6 වරක් විපක්ෂනායක ධූරයේ සහ 6 වරක් අගමැති ධුරයේ කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැති බවට පත්වූ තැනැත්තා ද වේ.
රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු වූයේ 1999 ප්‍රථම වරට ජනාධිපතිවරණ වසරේදීය. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2000 වසරේදී වුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන බලතල අනුව 1999 වසරේ දෙසැම්බර් 21 දී ජනාධිපතිවරණය කැඳවූවාය. 1999 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයන් 13 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් ප්‍රධාන වන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා සහ චන්ද්‍රිකා කුමාරතුංගයි. ඊට අමතරව හඩ්සන් සමරසිංහ වැනි ප්‍රසිද්ධ චරිත ද එම මැතිවරණයට තරග කළ අපේක්ෂකයෝ අතර සිටිති. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ නන්දන ගුණතිලකයි. මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ චන්ද්‍රිකා කුමාරතුංගයි. ඇය තරග වැදුණේ පොදු පෙරමුණ නියෝජනය කරමිනි. සියයට 51.12 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇය ජයගත් අතර රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 42.71 කි.
2005 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 13 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ප්‍රධාන අපේක්ෂකයන් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතායි. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ඔවුන්ගේ සහාය දුන්නේ මහින්ද රාජපක්ෂටයි. ඔහු නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතායි. තියුණු සටනකින් පසුව මහින්ද රාජපක්ෂ සියයට 50.29 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපති ධූරයට පත්විය. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ තියුණුම ඡන්ද සටන වූ අතර ජයග්‍රාහකයාට අඩුම ප්‍රතිශතය වාර්තා වූයේද ඒ වසරේදීය. රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පීයෙන් තරග කළ අතර ලබා ගෙන තිබූ ඡන්ද ප්‍රතිශතය සියයට 48.43කි.
2010 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 22 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් ප්‍රධාන වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමි වූයේ ඔහුටයි. මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී සියයට 57.88 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවැනි ධුර කාලයටද ජනාධිපති වූ අතර යූ.එන්.පී. වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සරත් ෆොන්සේකා තරග කර පරාජය විය. ඔහු සියයට 40.15ක ප්‍රතිශතයක් ලබා තිබිණි.
මෙම ජනාධිපතිවරණය සඳහාත් රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය.මෙවර ජනාධිපතිවරණයේ තවත් ප්‍රබල අපේක්ෂකයකු වන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ නායකයා ලෙසින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වේ. ඔහු ප්‍රථමයෙන්ම ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වූයේ 2019 මැතිවරණයේදීය. එම ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමිකර ගනු ලැබුවේ පක්ෂ නායකත්වයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 13 කට වැඩි ඡන්ද ගණනකින් පරාජයට පත්විය.
අනෙක් ප්‍රධාන අපේක්ෂකත්වය දැරූවේ අනුර කුමාර දිසානායක මහතායි. ඔහු ප්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් 2019 වර්ෂයේදීය. 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් (පොහොට්ටුව) තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තේ සියයට 52.25 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසට සියයට 41.99 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර තුන්වැනි තැනට පත්වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට3.16ක් විය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාත් මෙවර අපේක්ෂකයෙකි. ඔහු 2010 පැවති ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකු ලෙස තරග වැදුණේය. විරුද්ධ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය. එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 6,015,934 ක් ලබාගත් අතර සරත් ෆොන්සේකා මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 4,173 185 ක් පමණි.
(ශෂිකා අබේරත්න)
0 Comments