
රථවාහන රාජකාරියේ නිරතව සිටියදී ඇදහැලුණු අධික වර්ෂාවෙන් බේරීම සඳහා අසල තිබූ ගරාජයකට ගිය නෝර්ටන්බිජ් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට එම ස්ථානයෙන් පිටව යන ලෙස පවසා බැණ වැදී සාපරාධී බලහත්කාරය පෑවේ යැයි කියන බීමතින් සිටි බවට පැවසෙන එම ගරාජ් හිමියා සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන්බිජ් පොලිසිය පවසයි. මෙම සිද්ධියට අදාළව එම ගරාජයේ සේවය කරන තවත් අයකු අත්අඩංගුවට ගැනීමටද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
නෝර්ටන්බිජ් පොලිසියේ රාජකාරී කරන මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වැස්සෙන් බේරීම සඳහා ගරාජයට ගිය අවස්ථාවේ තර්ජනය කළ බවත් එම අවස්ථාවේ කොස්තාපල්වරුන් දෙදෙනා වැස්ස නතර කළ පසු පිටව යන බව දැනුම් දී ඇත. ඉන්පසුව මොවුන් පිටත්ව පොලිස් ස්ථානයට ගොස් සෙසු නිලධාරීන්ට මේ බව දැනුම් දී ඇති අතර ගරාජ හිමියා පොලිස් ස්ථානයටද කඩා වැදී කෑකෝ ගසමින් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑවේ යැයි කියමින් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval