olympic-2024

ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය දින 16 පුරාවට පැවැති ඔලිම්පික් උළෙල අදින් අවසන් වේ. අවසන් දිනය වන අද රන් පදක්කම් 13ක් සඳහා තරඟය පැවැත්වෙන අතර මේ වනවිට පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින චිනය හා ඇමරිකාව අතර පළමු තැන දිනාගැනීමට තරගකාරීත්වයක් පවතී.

අද අවසන් දිනයේ කාන්තා මැරතන්, පිරිමි වොලිබෝල්, කාන්තා පැසිපන්දු, කාන්තා වොලිබෝල්, කාන්තා නවීන පෙන්ටතලෝන් සහ පිරිමි සහ කාන්තා මල්ලවපොර ක්‍රීඩා තිබේ.

 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26 වැනිදා ආරම්භ විය. මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 206කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,741ක් සහභාගි වූහ. ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාරම්භක උත්සවය පැවැත්වූයේ ක්‍රීඩා උළෙලට වඩා පැරිසියේ සන්ධිස්ථානයක් වන සේන් නදියේ අති උත්කර්ෂවත් පසුබිමකයි.

පැරිස් ඔලිම්පික් උළෙල ක්‍රීඩා 42 කින් ඉසව් 329 කින් සමන්විත විය. මෙවර Skateboarding, Breaking, Surfing සහ Sport Climbing යනුවෙන් නව ක්‍රීඩා 4ක් එකතු විය.



සියලුම තරඟ අවසන් වූ පසු, මහා සමාප්ති උත්සවය දහවල් 12.30 ට ආසන 80,000 කින් සමන්විත Stade de France ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමාප්ති උත්සවය අවසානයේ ඔලිම්පික් ධජය පහත් කර මීළඟ ඔලිම්පික් (2028) පැවැත්වෙන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ තරඟ සංවිධායකයින් වෙත භාර දෙනු ලැබේ.

සමාප්ති උත්සවයට හොලිවුඩ් තරුවක් වන Tom Cruise සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා. එසේම මෙම උත්සවයේදී 5 වතාවක් Grammy සම්මානලාභී ඇමරිකානු ගායිකා Gabriella Sarmiento Wilson විසින් තම රටේ ජාතික ගීය ගායනා කරනු ඇත.

සමාප්ති උත්සවයට කලාකරුවන් සියයකට අධික පිරිසක් සහභාගී වී නර්තනයේ යෙදී සිටියහ. ඇක්‍රොබැට් සහ සර්කස් ද සිදු වේ. සංගීත සංදර්ශනයක් ද පැවැත්වේ.

ඊයේ වනවිට පදක්කම් සටහන පහතින්