pannipitiya-road-block

අද (3) උදෑසන සිට කොට්ටාව සහ පන්නිපිටිය අතර හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය වාර්තා කරයි.
මේ ප්‍රදේශය හරහා රථවාහන භාවිතාකරන්නන්ට විකල්ප මාර්ග භාවිතාකර තදබදය වළක්වා ගන්නා ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.


පොලිසිය සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන තරගයක් සඳහා දෙමාපියන් විශාල පිරිසක් සිය මෝටර් රථ වලින් දරුවන් රැගෙන විත් පාර අවහිර වනසේ වාහන ගාල්කර තිබීම නිසා මෙම රථවාහන තදබදය හට ගෙන ඇති බවයි.
එම රථවාහන අදාළ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නුගේගොඩ රථවාහන කොට්ඨාසයේ නිළධාරීන් පියවර ගනිමින් සිටින බවද පොලිසිය සදහන් කළ අතර පැය කිහිපයකින් තත්වය විසඳන්නට අපේක්ෂා කරන බව දන්වා ඇත.
එතෙක් විකල්ප පාරවල් භාවිත කරන ලෙස ඉල්ලා තිබේ.