paris-olympic-aruna-darshana

 මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩක කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන අද මීටර් 400 පිරිමි ඉසව්වේ මූලික වටයට සහභාගි වූ අතර ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.07 ට ආරම්භවූ ඉසව්වේ තුන්වන තැනට ඔහු පත්විය.
අරුණ දර්ශන සමඟින් ඉතාලිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ග්‍රෙනාඩා, බොට්ස්වානා, කැනඩාව සහ ස්විට්සර්ලන්තය යන රටවල ක්‍රීඩකයින් තරග කළ අතර තත්පර 44.9 කින් නිමකරමින් ඔහු තුන්වැනියා විය,
පළමු දෙන්නා ඔහු ආසන්නයෙන්ම තරග කර දිනූහ.


25 හැවිරිදි අරුණ මීටර් 400 පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානයේ රැඳී සිටියේ තත්ත්පර 45.30 ක පුද්ගලික දක්ෂතාවකින් වන අතර අද ඔහු සිය හොඳම කාලය වාර්තා කළේය.
ඔහු 3 වැනි තැන ලද නිසා ඊළඟ වටයට තේරිණි.
අරුණ දර්ශන පසුගියදා චීනයේ පැවති  ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ධාවන පථයේ සිය සුවිශේෂී වේගය සහ දක්ෂතාව ප්‍රදර්ශනය කළ අයෙකි.

ඔහු හිටපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සුගත් තිලකරත්නගේ අඩිපාරේ යන බවට බොහෝ දෙනාගේ ඉඟි ලැබී තිබේ. දර්ශන 2018 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 පිරිමි ඉසව්ව ජය ගත්තේ තත්පර 46.16ක කාලයක් වාර්තා කරමිනි.