ප්‍රේම සම්බ­න්ධ­තාව නවතා දැමීම නිසා උරණ වී තම පෙම්ව­ති­යගේ නිරු­වත් ඡායා­රූප අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි බවට තර්ජ­නය කළ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ළමා හා කාන්තා කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් නිල­ධා­රී­ය­කුගේ 19 හැවි­රිදි පුත්‍ර­ය­කුට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා

ඊයේ (21) තරයේ අව­වාද කොට මුදා­හැ­රි­යේය. පෞද්ග­ලික අධ්‍යා­පන ආය­ත­න­යක දැනට උසස් අධ්‍යා­ප­නය හදා­ර­මින් සිටින මෙම සැක­කාර සිසුවා 18 හැවි­රිදි සිසු­වි­යක සමඟ ප්‍රේම­ස­ම්බ­න්ධ­තා­ව­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බව ළමා හා කාන්තා කාර්යාං­ශය සඳ­හන් කරයි. ප්‍රේම­ස­ම්බ­න්ධය නවතා දැමී­මට අවශ්‍ය බවට ඇය පැවසූ බැවින් මෙලෙස නිරු­වත් දර්ශන අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි බවට තර්ජ­නය කර ඇති බව ළමා හා කාන්තා කාර්යාං­ශය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.
( දෙව්නි මහ­ග­මගේ)