pradeepika-death-horana

අනේ මාව මරන්න එපා.මට ගහන්න එපා. මං මොකද්ද කරපු වැරැද්ද... ප්‍රදී­පි­කාගේ මර ළතෝ­නිය ඇසුණු කිසි­ව­කුත් ඒ ගමේ සිටි­යා­දැයි සැක සහි­තය. සිටි­යත් ඇය බේරා ගැනී­මට ඉදි­රි­ප­ත්වී­මට තරම් ශක්ති­යක් ඔවුන්ට නොති­බෙන්න ඇති. ඒ අයු­රින් ප්‍රදී­පි­කාගේ ඉර­ණම ලියැවී තිබුණේ ඒ නිසා විය යුතුය. හොරණ, මීව­න­ප­ලාන, සිරි­ල්ට­න්වත්ත ප්‍රදේ­ශ­යට පසු­ගිය 24දා වෙනදා මෙන්ම හිරු උදා වුවත් කුමක් හෝ අබි­ර­හ­සක් සිදු වෙමින් තිබෙන බව කිසි­ව­කුත් දැන සිටියේ නැත.

අක්කර දොළහ, අංක 65/ 94 ලිපි­නයේ පදිංචි උක්ව­ත්තගේ ප්‍රදී­පිකා කුමාරි ද (36) වෙනදා මෙන්ම තම දෛනික වැඩ කර­ගෙන සතු­ටින් සිටියේ අස­ල්වැ­සි­යන් සමඟ ද විනෝ­ද­යෙන් කාලය ගත කර­මිනි. තිස්හය හැවි­රිදි තිදරු මවක් වන ඇය නීත්‍යනු­කූල සැමි­යා­ගෙන් වෙන්ව දැනට ජීවත් වන්නේ ටිරාන් සුරංග (40) සම­ඟය. ඔහු හොරණ නග­රයේ කර­ත්ත­යක වඩේ විකු­ණ­මින් ජීවි­තය ගෙන යෑමට උත්සාහ කරන අතර ප්‍රදී­පිකා ද හරි හරි­යට ඔහුට සහාය දෙන්නේ නිවෙසේ සිට වඩේ ඇතුළු අනෙ­කුත් කෑම වර්ග සක­ස­මිනි.

පිරිමි දරු­වන් තිදෙ­න­කුගේ මවක වූ ප්‍රදී­පිකා කෑම විකි­ණී­මට ද සැමි­යාට උදව් වෙමින් මේ ස්වයං රැකි­යාවේ වැඩි බර කරට ගෙන කට­යුතු කරන්නේ කෙසේ හෝ ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති­කර ගැනී­ම­ටය.

ඇගේ වැඩි­ම­හල් දරුවා කල­කට ඉහත මිය­ගොස් ඇති අතර දෙවන පිරිමි දරුවා කුඩා කාල­යේ­දීම සසු­න්ගත වූයේ ඒ සඳහා තිබූ ඇල්ම නිසා­වෙනි. 13 හැවි­රිදි වියේ පසු­වන බාල පිරිමි දරුවා මීව­න­ප­ලාන විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන අතර මේ වන විට නිවෙසේ සිටින්නේ ඔහු පමණි.

ප්‍රදී­පි­කාගේ සැමියා සුරංග උදෑ­ස­නම රැකි­යා­වට ගිය අතර නිවෙසේ සිටි ප්‍රදී­පිකා ක්‍රම­යෙන් හවස් වන විට පසු දිනට කෑම සෑදී­මට අව­ශ්‍ය කළ­මනා සකස් කර­මින් සිටියේ තනි­ව­මය. ඒ බාල පිරිමි දරු­වාද පාස­ලෙන් ගිය අධ්‍යා­පන චාරි­කා­ව­කට සහ­භාගි වී සිටි බැවිනි.

ප්‍රදී­පි­කාගේ නිවසේ අස­ල්වැසි රියැ­දු­රකු ලෙස කට­යුතු කළ පුද්ග­ල­යකු කාල­යක සිටම සිටියේ ප්‍රදී­පිකා සමඟ අම­නා­ප­යෙනි. ඒ ඔහුගේ බිරිය අනි­යම් සම්බ­න්ධ­තා­වක් මත වෙනත් පුරු­ෂ­යකු සමඟ මීට වසර පහ­කට පමණ පෙර පලා ගොස් ඇති අතර ඒ සඳහා ඇයට උදව් උප­කාර කර ඇත්තේ ප්‍රදී­පිකා බවට ඔහු සැක කරයි.



මේ නිසා ඔහු නිතර නිතර ප්‍රදී­පිකා සමඟ බහි­න්බ­ස්වීම් ඇති­කර ගත් අතර 24දා සවස 4.30ට පමණ ඔහු ප්‍රදී­පිකා හමු­වී­මට ආවේ කහ­ට­පි­ටිය පන්නිල් කන්ද ප්‍රදේ­ශයේ පදිංචි ඔහුගේ සහෝ­ද­රයා ද සමඟ මන්නා පිහි­යක් ද අතැ­ති­වය. ඒ ප්‍රදී­පි­කාගේ මාරයා ද කැටුව බව ගමේ කිසි­ව­කුත් දැන සිටියේ නැත.

එහෙත් ගත­වූයේ නිමේ­ෂ­යකි. ප්‍රති­වා­දි­යාගේ මන්නා පිහි පහ­රින් තුවාල ලැබූ ප්‍රදී­පිකා මිදුලේ ඇද වැටෙද්දී අයියා සහ මල්ලී පලා ගියේ පව­නට බඳු වේග­යෙනි.

ප්‍රදී­පි­කාගේ සැමි­යාගේ සහෝ­ද­ර­යකු වන පති­රගේ රොහාන් චතු­රංග (44) පැව­සුවේ මෙවැ­න්නකි.

...ප්‍රදී­පිකා කියන්නේ මගේ මල්ලි සුරං­ගගේ නෝනා. මං ඉන්නේ ග්‍රවුන්ඩ් එක ගාව ගෙදර. මගේ ගෙදර ගාව ඉඳලා මීටර් හැටක් හැත්තෑ­වක් විතර තිබෙ­නවා මල්ලි­ලාගෙ ගෙද­රට. ඊයේ හවස මම ගෙදර ඉන්න­කොට දමි­තුයි කළු­වයි දෙන්නා ආවා. අපේ ගෙද­රට මන්න පිහි­ය­කුත් අර­ගෙන. දමිත් හුඟ කාලෙක සිට ප්‍රදී­පිකා එක්ක තර­හෙන් හිටියේ. ඒවාට මල්ලිත් පැට­ළෙ­නවා. එත­කොට මල්ලිගේ ප්‍රශ්න­ව­ලට මාත් මැදි­හත් වෙනවා. ඒ හින්දා එයා මාත් එක්කත් තර­හයි.

අපේ ගෙදර ඉස්ස­ර­හට ඇවිත් බැහැ­පන් එළි­යට කියා මාත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. මම ඇසිඩ් බෝත­ල­යක් ගෙනත් තියා­ගෙ­නයි ඉන්නේ. මං ඒක පෙන්නලා කිව්වා එන්න එපා වත්තට ආවොත් ඇසිඩ් ගහ­නවා කියලා. මං තණ­කො­ළ­ව­ලට ටිකක් හලලා පෙන්නුවා. තණ­කොළ මැරෙ­නවා දැක්ක ගමන් මේ දෙන්නා යන්න ගියා. ඒ කේන්ති­යට මේ දෙන්නා කෙළින්ම ඇවිත් තිබෙන්නේ මල්ලිගේ ගෙද­රට. ඒ වෙලාවේ මල්ලි හිටියේ නැහැ ගෙදර. නංගි විත­රයි තනි­යම හිටියේ. ඒ හින්දා මං ආවා බලන්න. එත­කොට මට ඇහුණා. මට ගහන්න එපා. මාව මරන්න එපා. මං මොකක්ද කළ වැරැද්ද කියලා නංගි කෑග­හ­නවා. එයා මිදුලේ වැටි­ලයි හිටියේ. මං ඈත ඉඳලා ටිකක් වෙලා බලා ඉඳලා බය­ටම ආපහු හැරිලා දිව්වා. උන් ළඟ තිබුණු මන්නෙ මගේ ඉණ­ගා­වට විතර උසයි.

මං මල්ලිට මේ ගැන කියලා ආයෙත් මෙහාට ආවා. එත­කොට වට­පිට අය එකතු වෙලා නංගි හොරණ ඉස්පි­රි­තා­ලෙට අර­ගෙන ගිහින් තිබුණා. මම පස්සේ දැන­ගත්තා බෙල්ල කපලා නංගී නැති වුණා කියලා. හොඳ වෙලා­වට පොඩි පුතා ඉස්කෝ­ලෙන් ට්‍රිප් එකක් ගිහින් හිටියේ. නැති­නම් එයා­වත් මරා දානවා.

කාල­යක සිට තිබූ ආර­වු­ලක් මුල් කර ගනි­මින් කළ මේ ඝාත­නයේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට මොර­ග­හ­හේන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තුසිත වික්‍ර­ම­රත්න මහතා ඇතුළු නිල­ධා­රීන් සිදු කළ අතර ප්‍රධාන සැක­කරු සන්ත­කයේ තිබූ පහ­ර­දී­මට යොදා ගත් මන්නා පිහි­යද ගමන් කළ යතු­රු­පැ­දිය ද ඔහු ඇඳ සිටි ලේ තැව­රුණු ඇඳුම් ද නඩු භාණ්ඩ වශ­යෙන් පොලි­සිය භාර­යට ගෙන තිබේ. අත්අ­ඩං­ගු­වට පත් වූයේ සිරි­ල්ට­න්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි රියැ­දු­රෙකු වන 44 හැවි­රිදි ප්‍රධාන සැක­කරු සහ ඔහුගේ සහෝ­ද­රයා වන පන්නිල් කන්ද ප්‍රදේ­ශයේ පදිංචි පෞද්ග­ලික ආය­ත­න­යක රැකි­යාව කරන 40 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

පාණ­දුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී චමිල් රත්නා­යක, හොරණ සහ­කාර පොලිස් අධි­කාරී උදය කුමාර මහ­ත්ව­රුන්ගේ නියෝග හා අධී­ක්ෂ­ණය මත හොරණ මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක චින්තක පනා­වල, අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලක්ෂ්මන්ද සිල්වා ඇතුළු නිල­ධා­රීහු විසින් ඉදිරි විම­ර්ශන සිදු කරනු ලබති.
(හල්තොට - විනීතා මානෙල් ගමගේ)