නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි පන්සියයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන අනුරාධපුර (fastwin privat limited) පාන් පෞද්ගලික සමාගමේ පරිගණක යන්ත්‍ර පහක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කර පූර්ණ වාර්තාවක් කැදවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) රහස් පොලිසියට නියෝග කළේය.
තේ කොළ ව්‍යාපාරයක් මුවාවෙන් මෙම පිරමීඩාකාර මූල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර සමාගම මගින් ජනතාවට දී තිබූ තේ පැකට් ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසටද නියෝග කෙරිණි.අනුරාධපුරය ඉහළ කලන්කුට්ටිය සුනිල් ජයරත්න ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය (fastwin privat limited) පාල්ඩ්වින් පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාකරණ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බවත් ඒ අනුව සමාගමේ අධ්යක්ෂවරුන් පස් දෙනෙකුට රට ගමන් තහනමක් පනවා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
අදාළ නීති විරෝධී මූල්‍ය ආයතනය පුද්ගලයන්ට තේ කොළ ව්‍යාපාරයක් තුළින් ප්රතිලාභ ලබාගත හැකි බවට අඟවා මුදල් ආයෝජනය කරන ලෙසට දැනුම් දී ඇති අතර තේ කොළ ව්‍යාපාරයට සම්බන්ධ වන පුද්ගලයා තවත් ආයෝජකයන් දෙදෙනකු හඳුන්වා දීම තුළින් ප්රතිලාභ ලබාගත හැකි බවට ඒත්තු ගන්වමින් පට්වින් ඩොට් කොම් නමැති වෙබ් අඩවියක් හරහා මෙම පිරමීඩාකාර ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළේය.
රෝෂන් තුෂාර
0 Comments