පසුගියදා 'හුක්කි හූ' ලෙසින් කියමින් සිනහවට ලක්වන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටි එජාපයේ මහලේකම් පාලිත රංගෙ බන්ඩාර වගකීම් වලින් කපා හැර ඇතැයි වාර්තාවේ. අද සිදුවන රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීමේදීද ඔහුට විශේෂ තැනක් ලැබී නැත.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන්ට වගකීම් භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
ඒ අනුව, කොළඹ රැඳී නොසිට තම තමන්ගේ ආසනවල ගොස් ගෙයින් ගෙට ප්රචාරක කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.
මේ අනුව, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, සභාපති වජිර අබේවර්ධනට ගාල්ල දිස්ත්‍රික්කයේ ද,
ජාතික සංවිධායක සාගල රත්නායක ට කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ද, උප නායක අකිල විරාජ් කාරියවසම් ට කුරුණෑගල දිස්ත්‍රික්කය ද, ජාතික ලේකම් රවී කරුණානායක ට කොළඹ දිස්ත්‍රික්කයේ සහ උතුර පළාත ද, භාණ්ඩාගාරික ෆිරෝ ෆාරුක් ට මාවනැල්ල ප්‍රදේශයේ ද නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරාට පක්ෂ මූලස්ථානයේ රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගිය දිනවලදී පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතවී නොසිටි අතර,
ඔහු අසනීප තත්ත්වයෙන් සිටි බවද වාර්තා වේ. ඔහු පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගිවී සිටි අයුරු දක්නට ලැබුණි. තවද මහලේකම්වරයා විපක්ෂයේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය. මේ පිළිබඳව මහලේකම්වරයාගෙන් පුත්පතක් කළ විමසීමකදී ඔහු කියා සිටියේ “බලලා කියන්නම්“ යනුවෙනි. පසුගිය ජුලි මස නරියෙකු අනුකරණය කරමින් ඔහු හාස්‍ය ජනක කතාවක් කළේය. ඔහු කියා සිටියේ රනිල් මෙන් නිර්භීත නොවූ අනෙක් නායකයින් මහින්දලා සමග තිබූ ආණ්ඩුව බාර නොගෙන පළාගිය බවත් පසුව නරි මෙන් කෑගසන බවත්ය.
රංගෙ බන්ඩාර මීට ඉහත ජනපතිවරණයේ සජිත්ට සහය පළකරමින් 'දැන් ගෙම්බොත් කෑගහන්නේ සජිත් සජිත්' කියලා යයි කළ කතාවද මෙයට සමානව ප්‍රසිද්ධියට පත්විය. හූ කියන වීඩියෝව පහතින්
0 Comments