ranil-bar-permit

 ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජනපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සහය පල කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් දයාසිරි ජයසේකර විසින් පසුගිය දා පැවති ජන රැළියක දී ජනතාවට හෙළිදරව් කිරීමක් සිදු කළා .




එම විස්තරවලට අනුව  වේලු කුමාර් මන්ත්‍රීවරයා මත්පැන් බලපත්‍ර ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම වෙනුවෙන් දිගන, යාපනය, අනුරාධපුර පලාත් සඳහා බලාත්මක මත්පැන් බලපත්‍ර 3ක් ලබාගෙන ඇති අතර ප්‍රසන්න රණතුංග ගම්පහ මාකෙවිට සුරා බදු නිලධාරියෙකුගේ නමට මත් පැන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා .
දිලුම් අමුණුගම විසින් හතර ලියද්ද , ගලගෙදර ලෙස මත් පැන් බලපත්‍ර 2ක් ලබාගත් බවද , ලොහාන් රත්වත්තේ ඔහුට ලබා දුන් මත්පැන් බලපත්‍රය ඔහුගේ ලේකම්ට විකුණා ඇති බවත් සඳහන් කළා .
මේ අයුරින් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා මත්පැන් බලපත්‍ර ලබාගත් තවත් අයගේ විස්තර ඉදිරියේ දී ජනතාවට හෙළි කරන බවත් දයාසිරි ජයසේකර සඳහන් කර සිටියා .


2024 ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු බිහි වන නව රජයක් යටතේ මේ ගැන විශේෂ පරීක්‍ෂණයක් පවත්වා එම මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස පවසා සිටිනවා .
මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා බියර් සහ මත්පැන් බලපත්‍ර ලබා දීම දැන් රැල්ලක් වී ඇති බවත් ඒවා ලබා දෙන්නේ ද ඔවුන්ගේ නමට නොවී යම් කිසි ගෝලබාලයෙකුගේ නමට බවත් මේ වසර අවසන් වන විට ඒ පිළිබඳ සොයා බලා ඒ බලපත්‍ර සියල්ලම අහෝසි කිරීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස විසින් තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා .