ranil-publicity-ban

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක උරුමය ඉඩම් ඔප්පු ලබාදීමෙි වැඩසටහන ජනාධිපතිවරණය අවසන් වන තුරු තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.ජනාධිපතිවරණයෙන් පසු නැවත මෙම වැඩසටහන ආරම්භ කිරීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම නිසා ඔහුගේ ප්‍රචාරණ කටයුතු රජයේ කටයුතු මුවාවෙන් සිදුකිරීම හා ඊට අදාළ රාජ්‍ය ප්‍රචාරණ යාන්ත්‍රණය මැතිවරණය සඳහා අනිසි ලෙස උපයෝගි කිරීම අනෙක් තරග කරුවන්ට අසාධාරණ වන නිසා මෙම තහනම ක්‍රියාත්මකය.