ranil-replacement-slpp

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දිස්ත්‍රික් මට්ටමේ නායකත්ව තනතුරු කිහිපයක වෙනස්කම් සිදු කර ඇති බව වාර්තා වේ.



ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ තාවකාලිකව පත්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු ජනමාධ්‍ය වෙත අනාවරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන එම ධූරයෙන් ඉවත් කරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස තාවකාලිකව පත්කර තිබේ.

මේ අතර මාතර දිස්ත්‍රික් නායකයා ලෙස ඇමැති කංචන විජේසේකර වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක තාවකාලිකව පත්කර ඇති අතර, ඇමැතිය රමේෂ් පතිරණ වෙනුවට රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ඇත.