ranuk-jayasuriya

ශ්‍රී ලංකා හිටපු සුපිරි ආරම්භක පිතිකරු හා වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ අතුරු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ පුත්‍රයා වූ රනුක් ජයසූරිය මෙවර අන්තර්සමාජ 23න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා සමාජ වරම් දිනා ගත්තේය. ඒ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරමිනි. තවමත් 17 හැවිරිදි වියේ පසුවද්දීම ඔහු මෙම සුදුසුකම

ලබාගැනීම විශේෂත්වයකි. එහිදී ඔහු තමන්ගේ පළමු තරගයේදීම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. පන්දු 106 කදී ලකුණු 54ක් රැස් කළ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්ව තිබිණ.




තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 339ක් රැස් කළහ. එහිදී සුඛිත මනෝජ් ශතකයක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ is එස්.එස්.සී. කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 224ක් රැස් කළේය. ලකුණු 115ක් පසුපසින් හිඳ සිය දෙවැනි ඉනිම ඇරඹූ ඔවුහූ කඩුලු 8ක් දැවී ලකුණු 201ක් රැස් කළහ.