එම ක්‍රීඩිකාවන් පිළිගනිමින් ඔවුන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්යක්ෂ සම්පත් ජයසේන, දේවපතිරාජ ජාතික පාසැලේ විදුහල්පති කේ සෑම් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) විද්‍යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඩබ්ලිව් කවීෂා දිල්හාරි, ජී පී සචිනි නිසංසලා, එච් ජී කාව්‍යා කාවින්දි හා ඩබ්ලිව් ශෂිනි ගිම්හානි මෙසේ උපහාරයට ලක් වූ ක්‍රීඩිකාවන්ය. කවීෂා දිල්හාරි, නයාගොඩ රත්ගම පදිංචි අයෙක් වන අතර දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 2020 වසරේ නායකත්වය දරා ඇත. රත්ගම හන්දිය, රත්ගම පදිංචි සචිනි නිසංසලා 2021 වසරේ විදුහලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන අතර වලහන්දූව, ගාල්ල පදිංචි කාව්‍යා කාවින්දි 2022 වසරේ නායකත්වය දරා ඇත.
දැනටමත් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශෂිනි ගිම්හානි ගම්මැද්දේගොඩ රත්ගම පදිංචි කාරියකි. ඇය ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාවයි.
අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්යක්ෂ සම්පත් ජයසේන, විදුහල්පති සෑම් ද සිල්වා මහතා ප්රමුඛ ආදි සිසුන්, දෙමාපියන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස විසින් මෙම ක්‍රීඩිකාවන් රත්ගම හන්දියේදී මල්මලා දමා පිළිගෙන කැබ් රථයක නංවාගෙන විද්‍යාලයීය තූර්යය වාදක කණ්ඩායම පෙරටුකරගත් අලංකාර පෙරහරකින් විදුහල කරා රැගෙන පැමිණියහ. විදුහලේ ප්‍රධාන දොරටුව අසලදි මොවුන් නැවතත් පිළිගෙන උත්සව සභාව පවත්වන ලද ප්‍රධාන පීඨිකාවට මහත් හරසරින් මොවුන් කැදවාගෙන පැමිණියහ.
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණය ලැබූ කණ්ඩායමේ ක්‍රිඩිකාවන් තුන් (03) දෙනෙකුම තමන්ගේ විදුහලේ ආදි සිසුවියන් වීමත් එක් අයෙක් තවමත් අධ්‍යාපනය ලබන සිසුවියක් වීමත් තමන්ට මහත් ආඩම්බරයක් බව මෙහිදී අදහස් දැක්වූ විදුහල්පති සෑම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ආසියානු මහද්වීපය තුල ඉහළට ඔසවා තබමින් රටට මෙන්ම තමන්ගේ විදුහලටත් ගාල්ල දිස්ත්රික්තයටත් ඉමහත් ගෞරවයක් ඔවුන් ලබා දී තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය. මෙම ජයග්රහණයන් පිටුපස සිටි යෝධ හස්තය පුහුණුකරු මහේෂ් සදරුවන් මහතා බවද මෙම අවස්ථාවේ ඔහු කෘතවේදීව සිහිපත් කරන බවද විදුහල්පති සෑම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරටය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 165 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4 කදී කඩුලු 2ක් දැවී ලකුණු 167 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 43 කදී ලකුණු 61 ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් රැස් කළාය. ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30 ක් රැස් කිරිමට සමත් විය.
තරගාවලිය 2024 ජූලි 19 දින සිට 28 වන දින දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති අතර අවසන් මහා තරගය 28 දින පැවැත්විණි. අවසන් තරගය කඩළු 08 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.
මෙම උපහාර පුද කිරීමේ අවස්ථාවට විද්‍යාලයේ විෂය සමගාමී ඩී දමිත් ප්‍රසන්න, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නාවික හමුදා කපිතාන් චමිල ඉරෝෂ, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම උපහාර උත්සවයේ විවිධ අවස්ථාවන් ඡායාරූප වල දැක්වේ.
(ජයකාන්ත ලියනගේ - බළපිටිය )
0 Comments